සූරා 23 · ජුස් 18

Al-Mu'minun · 23:24

فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يُرِيدُ أَنْ يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنْزَلَ مَلَائِكَةً مَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ

ඔහුගේ ජනයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් අතර වූ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලාට වඩා උසස් වන්නට ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් අභිමත කළේ නම් මලක්වරුන් පහළ කරන්නට තිබුණි. මේ පිළිබඳ ව අපගේ මුල් මුතුන් මිත්තන්ගෙන් පවා අප අසා නැත’ යැයි පැවසූහ.

තෆ්සීර්

ඔහුගේ ජනයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කළ නායකයින් හා ප්රභූවරුන් ඔවුන්ගේ අනුගාමිකයින් හා පොදු ජනයා වෙත, “සැබැවින්ම දූතයෙකු යැයි විශ්වාස කරමින් සිටින ඔහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලා මත නායකත්වය දරන්නට ඔහු අපේක්ෂා කරයි. අප වෙත දූතයකු එවීමට අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින්ම ඔහු මිනිසුන් අතරින් දූතයකු නොඑවා මලක්වරුන්ගෙන් කෙනෙකු එවන්නට තිබුණි. ඔහු වාද කරමින් සිටින දෑ මෙන් යමක් අපට පෙර සිටි අපගේ මුතුන් මිත්තන්ගෙන් අපි අසා නැත්තෙමු." යැයි කීහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න