සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:23
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ
තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ ! මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ ද?
තෆ්සීර්
නූහ්ගේ ජනයාව අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සඳහා ඔවුන් වෙත අපි නූහ්ව එව්වෙමු. එවිට ඔහු, "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. ශුද්ධවන්තයාණන් වන ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙක් නුඹලාට නැත. එහෙයින් අල්ලාහ්ගේ නියෝග අනුගමනය කරමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් නුඹලා අල්ලාහ්යට බැතිමත්ව කටයුතු කළ යුතු නොවේද?" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න