සූරා 23 · ජුස් 18

Al-Mu'minun · 23:33

وَقَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاءِ الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ

ඔහුගේ ජනයා අතුරින් මෙලොව ජීවිතයෙහි අපි ඔවුනට දායාද කළ, පරමාන්ත දිනයේ හමු ව බොරු කළ දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් වූ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි’ යැයි පැවසුවෝය.

තෆ්සීර්

ඔහුගේ ජනයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කොට; මතුලොව හා එහි ඇති තිළිණ හා දඬුවම බොරු කළ, මෙලොව ජීවිතයේ අපි ඔවුනට පුළුල් ලෙස පිරිනැමූ ආශිර්වාදවලට වහල් වූ ප්රධානීන් හා ප්රභූවරු තම අනුගාමිකයින් හා පොදු ජනතාව අමතා මෙසේ පැවසූහ. "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි. නුඹලා වෙත දූතයකු ලෙස එවනු ලබන තාක් කල් නුඹලා සඳහා වූ කිසිදු භාග්යයක් ඔහු සතුව නොවීය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න