සූරා 23 · ජුස් 18

Al-Mu'minun · 23:32

فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ

‘නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැ’යි විමසමින් අපි ඔවුන්ගෙන් වූ රසූල්වරයකු එවිට ඔවුන් අතරට එව්වෙමු.

තෆ්සීර්

එවිට ඔවුන් අතර ද අල්ලාහ් වෙත ඇරයුම් කරන ඔවුන්ගෙන්ම වූ දූතයෙකු යැව්වෙමු. ඔහු ඔවුනට, "නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුසු සුවිශුද්ධයාණන් වන අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. එහෙයින් නුඹලා අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී ඔහුගේ නියෝග ඉටු කරමින් ඔහුට භක්තිමත්ව කටයුතු කළ නොවේ ද?" යැයි කීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න