සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:18
وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍ بِهِ لَقَادِرُونَ
තවද අපි අහසින් ජලය ප්රමාණ කොට පහළ කර මහපොළොවට පතිත කළෙමු. එමෙන්ම නියත වශයෙන්ම අපි එය පහ කිරීමටත් බලය ඇත්තෝ වන්නෙමු.
තෆ්සීර්
වර්ෂා ජලය වැඩි වී විනාශ කරන ආකාරයෙන් හෝ එය හිඟ වී ප්රමාණවත් නොවන තරමට පත් නොවන ආකාරයෙන් අවශ්ය ප්රමාණයට පමණක් අපි අහසින් පහළ කළෙමු. මිනිසුන්ට හා සතුන් එමගින් ප්රයෝජන ලබන පරිදි මහපොළොවේ රැඳෙන්නට සැලැස්වූයෙමු. සැබැවින්ම අපි එය පහ කරන්නටත් බලය ඇත්තෝ වෙමු. එවිට නුඹලාට ප්රයෝජන නොලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න