සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:46
إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ
ෆිර්අවුන් වෙත හා ඔහුගේ ප්රධානීන් වෙත. නමුත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අහංකාර පිරිසක් වූහ.
තෆ්සීර්
ඔවුන් දෙදෙනාව ෆිර්අවුන් හා ඔහුගේ පිරිස අතර සිටි ප්රභූවරුන් වෙත එව්වෙමු. නමුත් ඔවුන් උඩඟු වූවෝය. ඔවුන් දෙදෙනා සතු දේව විශ්වාසය සඳහා ඔවුහු යටත් නොවූහ. අපරාධකම් හා බලහත්කාරකම් තුළින් ජනයාට ඉහළින් අහංකාරකම් පාන පිරිසක් වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න