සූරා 23 · ජුස් 18

Al-Mu'minun · 23:44

ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَىٰ ۖ كُلَّ مَا جَاءَ أُمَّةً رَسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُمْ بَعْضًا وَجَعَلْنَاهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًا لِقَوْمٍ لَا يُؤْمِنُونَ

පසු ව අපගේ දූතවරුන් අනුපිළිවෙළින් අපි එව්වෙමු. සමූහයක් වෙත එහි රසූල්වරයා පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකු විසින් ඇතැමෙකුට (දඬුවම) අනුගමනය කෙරෙව්වෙමු. තවද අපි ඔවුන් පුරාණ කතා බවට පත් කළෙමු. එහෙයින් විශ්වාස නොකරන ජනයාට ශාපයක්ම වේවා!

තෆ්සීර්

පසුව අපි අපගේ දූතවරුන් පිළිවෙලට දූතවරයකුට පසු දූතවරයකු වශයෙන් අඛණ්ඩව එව්වෙමු. ඒ ඒ සමූහයන් අතරට එවනු ලබන දූතවරයා පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් ඔවුන් එකිනෙකා පසුපස විනාශය ලුහු බදින්නට අපි සැලැස්වූයෙමු. ඔවුන් ගැන ජනයා කතා කරන ප්රකාශ මිස වෙනත් කිසිවක් ඔවුනට ඉතිරි වූයේ නැත. ඔවුන්ගේ දූතවරුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් කවර කරුණක් ගෙනආවේ ද එය විශ්වාස නොකරන ජනයාට විනාශයක්ම වේවා!

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න