සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:62
وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَابٌ يَنْطِقُ بِالْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ
කිසිදු ආත්මයකට එහි ප්රමාණයට මිස අපි (කිසිවක්) නොපටවන්නෙමු. සත්යය කතා කරන පුස්තකයක් අප අතර ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
තෆ්සීර්
කිසිදු ආත්මයකට එයට ක්රියා කළ හැකි ප්රමාණයට මිස අමතර කිසිවක් අපි නොපවරන්නෙමු. අප වෙත පුස්තකයක් ඇත. සෑම ක්රියා කරන්නෙකුගේම ක්රියාවන් අපි එහි ස්ථීරව සඳහන් කර ඇත. එය කිසිදු සැකයක් නොමැති සත්යය ගැන පමණක් කතා කරයි. ඔවුන්ගේ දැහැමි ක්රියාවන් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන්ගේ පාපකම් කිසිවක් වැඩි කිරීමෙන් හෝ ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලබති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න