සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:78
وَهُوَ الَّذِي أَنْشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ
නුඹලාට ශ්රවණය ද දෘෂ්ටීන් ද හදවත් ද ඇති කළේ ඔහුමය. නුඹලා කෘතඥ වනුයේ ස්වල්පයකි.
තෆ්සීර්
අහෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කරන්නනි! නුඹලා සවන් දීම සඳහා ශ්රවණ ශක්තිය ද නුඹලා බැලීම සඳහා බැල්ම ද නුඹලා සිතීම සඳහා හදවත් ද නුඹලා වෙනුවෙන් මවා ඇත්තේ සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ය. එසේ තිබියදීත් නුඹලා එම ආශිර්වාදවලට කෘතඥතාව පුද කරනුයේ ස්වල්පයක් පමණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න