සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:30
إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ وَإِنْ كُنَّا لَمُبْتَلِينَ
නියත වශයෙන්ම එහි සංඥා ඇත. තවද සැබැවින්ම අපි පරීක්ෂා කරනු ලබන්නන් වූයෙමු.
තෆ්සීර්
සඳහන් කරන ලද නූහ් හා ඔහු සමග වූ දේවවිශ්වාසීන් මුදවා ගැනීම, දේව ප්රතික්ෂේපකයින් විනාශ කිරීම යනාදියෙහි අපගේ දූතවරුන්ට ජය ලබා දීමේ හා ඔවුන් බොරුකරන්නන් විනාශ කිරීමේ අපගේ බලය පෙන්වා දෙන ඉතා පැහැදිළි සාධක ඇත්තේය. නූහ්ගේ ජනයා වෙත ඔහුව එවීමෙන් අපි ඔවුන් පරීක්ෂා කරන්නන් වූයෙමු. එවිට දේව ප්රතික්ෂේපකයාගෙන් දේව විශ්වාසියා ද පාපියාගෙන් දෙවියන්ට අවනත වන්නා ද පැහැදිළි වන්නට විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න