සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:40
قَالَ عَمَّا قَلِيلٍ لَيُصْبِحُنَّ نَادِمِينَ
මද කලකින් සැබැවින්ම ඔවුන් පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇතැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
අල්ලාහ් ඔහුට ප්රතිචාර වශයෙන්: සුළු කාලයකට පසු නුඹ කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කළවුන් වනාහි, ඔවුන්ගේ බොරු කිරීම හේතුවෙන් ඔවුනට අත් වන විපාකය ගැන පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න