සූරා 23 · ජුස් 18

Al-Mu'minun · 23:50

وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ

තවද මර්යම්ගේ පුත් හා ඔහුගේ මව සංඥාවක් බවට අපි පත් කළෙමු. උල්පත් හා තැනිතලා සහිත උස් තලාවක ඔවුන් දෙදෙනාට අපි නවාතැන් දුනිමු.

තෆ්සීර්

මර්යම්ගේ පුත් ඊසා හා ඔහුගේ මව මර්යම් (අලයිහිමස් සලාම්) යන දෙදෙනා අපගේ බලය පෙන්වා දෙන සාධකයක් බවට අපි පත් කළෙමු. ඇය ඔහුව කිසිදු පියෙකුගෙන් තොරව පිළිසිඳ ගත්තාය. පදිංචි වීමට සුදුසු තැනිතලා සහිත පොළොවේ උස් ස්ථානයක් වෙත අපි ඔවුන් දෙදෙනා ගෙනාවෙමු. එහි නැවුම්ව ගලා යන ජලය විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න