සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:51
يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ
අහෝ ! දූතවරුනි, පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද දැහැමි කටයුතු සිදු කරනු. නියත වශයෙන්ම මා නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
තෆ්සීර්
අහෝ දූතවරුනි! මම නුඹලාට අනුමත කළ දැයින් අනුභව කිරීමට සුදුසු පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. දහමට අනුකූලව දැහැමි ක්රියාවන් ඉටු කරනු. නුඹලා කවර ක්රියාවක් ඉටු කරන්නේ ද ඒ ගැන සැබැවින්ම මම මැනවින් දනිමි. නුඹලාගේ කිසිදු ක්රියාවක් මට සැඟවී යන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න