සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:14
ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرَ ۚ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ
පසු ව අපි එම ශුක්රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් මැවීම් අතුරින් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය.
තෆ්සීර්
එම ශුක්රාණවෙන් පසුව ගර්භාෂයේ රැඳී පවතින රතු පැහැති ලේ කැටියක් මැව්වෙමු. පසුව එම රතු පැහැති ලේ කැටිය විකා දමන ලද මස් කැබැල්ලක් මෙන් මැව්වෙමු. පසුව එම මස් කැබැල්ලට එකිනෙකට බැඳුණු අස්ථි මැව්වෙමු. පසුව එම අස්ථි මසින් ඇන්ඳෙව්වෙමු. පසුව ඒ තුළට ප්රාණය පිඹිමින් එය ජීවී ව බැහැර කරමින් වෙනත් මැවීමක් ලෙස අපි නිර්මාණය කළෙමු. නිර්මාණකරුවන්ගෙන් වඩාත් අලංකාර මැවුම්කරු වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න