සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:100
لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
දැහැමි දෑ සිදු කරනු වස් (මා නැවත හරවා යවනු මැනව !) එසේ නොව නියත වශයෙන්ම එය ඔහු පවසන ප්රකාශයක් පමණි. ඔවුන්ගෙන් පසු ව ඔවුන් නැවත නැගිටු වනු ලබන දිනය දක්වා බාධකයක් ඇත.
තෆ්සීර්
"ඒ වෙත මා නැවත හරවා යවනු ලැබුවේ නම් මම දැහැමි ක්රියාවන් සිදු කරමි." එසේ නොව, ඔහු පතන පරිදි කරුණ නැත. සැබැවින්ම එය ඔහු මුවින් දොඩවන ප්රකාශයක් පමණි. මෙලොව ජීවිතයට නැවත හරවා යවනු ලැබුවේ නම් ඔහු පොරොන්දු දුන් පරිදි එය ඉටු නොකරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබ එක්රැස් කරනු ලබන තෙක්ම මෙලොව හා මතුලොව අතර වූ බාධකයක් මත මියගිය මොවුන් රැඳී සිටිති. ඔවුනට මඟහැරුනු දෑ ලබන්නටත් ඔවුන් විනාශ කර ගත් දෑ නිවැරැදි කර ගන්නටත් එහි සිට ඔවුන් නැවත මෙලොවට හරවා යවනු නොලබති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න