සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:56
نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ ۚ بَلْ لَا يَشْعُرُونَ
අපි ඔවුනට යහපත ඉක්මන් කරන්නෙමු යැයි ඔවුහු සිතන්නෝද? නැත. ඔවුහු (ඒ බව) නොහඟති.
තෆ්සීර්
සැබැවින්ම අපි ඔවුනට මෙලොව ජීවිතයේ පිරිනැමූ ඔවුන් සතු ධනය හා දරුවන් ගැන සතුටට පත් වන පිරිස් ඔවුන් ලැබිය යුතු යහපත ඔවුනට කල් ඇති ව හිමි වී ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එය ඔවුන් සිතන පරිදි නැත. අපි එසේ ඒවා ඔවුනට පිරිනමා ඇත්තේ ඔවුන් පියවරෙන් පියවර ග්රහණය කිරීමට කල්දීමක් වශයෙනි. නමුත් ඔවුහු ඒ ගැන නොහඟති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න