සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:21
وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට පාඩමක් ඇත. උන්ගේ උදරය තුළ ඇති දැයින් අපි නුඹලාට පානය සපයන්නෙමු. තවද නුඹලාට එහි බොහෝ ප්රයෝජන ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහුය.
තෆ්සීර්
අහෝ ජනයිනි! (ඔටුවන් ගවයින් හා එළුවන් වැනි) ගොවිපල සතුන් තුළ නුඹලාට පාඩමක් හා අල්ලාහ්ගේ ශක්තිය හා නුඹලා කෙරෙහි වූ ඔහුගේ කරුණාව පෙන්වා දෙන සාධක ඇත. උන්ගේ උදරවල තිබෙන දැයින් පානය කරන්නන්හට ප්රණීත පිරිසිදු කිරි අපි නුඹලා වෙනුවෙන් පානය සඳහා සපයන්නෙමු. එමෙන්ම ඒ මත ප්රවාහනය කිරීම, එවායෙහි ලෝම, කෙස් වැනි නුඹලා ප්රයෝජන ලැබිය හැකි වෙනත් බොහෝ ප්රයෝජන ද නුඹලාට ඇත. නුඹලා ඒවායෙහි මාංශ අනුභව කරන්නෙහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න