සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:116
فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ
එහෙයින් සත්ය රජු වූ අල්ලාහ් උත්තරීතරය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ් හි හිමිපාණන්ය.
තෆ්සීර්
ඔහුගේ මැවීම් අතර ඔහු අභිමත කරන පරිදි කටයුතු කරන මහා පාලකයාණන් වන අල්ලාහ් සුවිශුද්ධය. ඔහු වනාහි සත්යයකි. ඔහුගේ ප්රතිඥාව සත්යයකි. ඔහුගේ ප්රකාශය ද සත්යයකි. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත. ගෞරවණීය අර්ෂ් හෙවත් සර්වරාජ්යයේ හිමිපාණන් වනුයේ සියලු මැවීම්වලට වඩා අති ගෞරවණීය ඔහුය. ඔහු සියලු දෑහි පරමාධිපති ලෙස සිටියදී එම මැවීම්වලට වඩා ඉහළින් තවත් පරමාධිපතියෙකු විය හැකි ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න