සූරා 23 · ජුස් 18

Al-Mu'minun · 23:117

وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ

තවද කවරෙකු අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියසය. නියත වශයෙන්ම දේව ප්‍රතික්ෂේපකයෝ ජය නොලබනු ඇත.

තෆ්සීර්

කවරෙකු විසින් අල්ලාහ් සමග වෙනත් නැමදුම් ලබන්නෙකු ඇරයුම් කරන්නේ ද ඔහුට නැමදීම සඳහා කිසිදු අයිතියක සාධකයක් එයට නැත. (මෙය අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු දෙනාගේම කරුණකි.) ඔහුගේ නපුරු ක්රියාවෙහි ප්රතිඵලය සුවිශුද්ධයාණන් වන ඔහුගේ පරමාධිපති අබියස වේ. ඔහු වෙත දඬුවම පිරිනමනුයේ ඔහු ය. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයෝ ඔවුන් පතන දෑ ලබා ගැනීමෙන් ජය නොලබති. ඔවුන් බියවන දැයින් මිදීමක් ද ඔවුනට නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න