සූරා 23 · ජුස් 18
Al-Mu'minun · 23:27
فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ ۙ فَاسْلُكْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۖ إِنَّهُمْ مُغْرَقُونَ
අපගේ අධීක්ෂණය හා අපගේ දේව පණිවිඩ අනුව නුඹ නැව තනනු යැයි අපි ඔහු වෙත දේව පණිවිඩ එව්වෙමු. අපගේ නියෝගය පැමිණි විට හා ලිප උතුරන විට සෑම දෙයක ජෝඩුවකින්ම දෙදෙනෙකු බැගින් ද ඔවුන් අතරින් කවරෙකු කෙරෙහි ප්රකාශය පෙරටු වූයේ ද එවන් අය හැර නුඹගේ පවුලේ සෙසු අය ද එහි කැටුවා ගෙන යනු. අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමග කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුහු ගිල් වනු ලබන්නන් වෙති.
තෆ්සීර්
අපගේ අධීක්ෂණය යටතේ හා එය තැනිය යුත්තේ කෙසේ දැයි අපි නුඹට ඉගැන් වූ පරිදි නුඹ නැව තනනු යැයි අපි ඔහුට දේව පණිවිඩ පහළ කළෙමු. ඔවුන් විනාශ කිරීමේ අපගේ නියෝගය පැමිණි විට පුළුස්සා දමනු ලැබූ ස්ථානයෙන් ප්රබල ලෙස ජලය ගලනු ඇත. පරම්පරාවේ පැවැත්ම සඳහා සෑම ජීවියකුගෙන්ම පිරිමි ගැහැණු ජීවියකුම නුඹ ඒ තුළට ඇතුළත් කරනු. ඔබේ බිරිය ඔබේ දරුවා වැනි විනාශ විය යුතු යැයි අල්ලාහ්ගෙන් නියමය පෙරටු වූ අය හැර නුඹගේ සෙසු පවුලේ සාමාජිකයන් ද ඇතුළත් කරනු. දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධ කළ ජනයා අතර ඔවුන්ගේ ජයග්රහණය වෙනුවෙන් හෝ ඔවුන් විනාශ කිරිම අතහැර දමන මෙන් හෝ නුඹ මා සමග කතා නොකරනු. සැබැවින්ම ඔවුන් මහා ජල ගැල්මෙන් ගිලී විනාශ වන්නෝමය. - එහි කිසිදු සැකයක් නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න