Hud

سورة هود

සූරා 11 · මක්කා · 123 පද

11:1ජුස් 11 · පි. 221

الر ۚ كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ1

අලිෆ්. ලාම්. රා. එහි වදන් නීති ගත කරන ලදු ව පසු ව විස්තර කරනු ලැබූ දේව ග්‍රන්ථයයි. එය සියුම් ඥානී ප්‍රඥාවන්තයාණන්ගෙනි.
11:2ජුස් 11 · පි. 221

أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۚ إِنَّنِي لَكُمْ مِنْهُ نَذِيرٌ وَبَشِيرٌ2

අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නුඹලා ගැතිකම් නොකළ යුතුය. නියත වශයෙන්ම මම එයින් නුඹලාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු වෙමි.
11:3ජුස් 11 · පි. 221

وَأَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُمَتِّعْكُمْ مَتَاعًا حَسَنًا إِلَىٰ أَجَلٍ مُسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ ۖ وَإِنْ تَوَلَّوْا فَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ3

තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද පසු ව පශ්චාත්තාප වී ඔහු වෙත යොමු විය යුතුය. නියම කරන ලද කාලයක් දක්වා ඔහු නුඹලාට යහපත් භුක්ති විදීමකින් භුක්ති විදින්නට සලස්වයි. භාග්‍යවන්ත සෑම කෙනෙකුටම ඔහුගේ භාග්‍යය ඔහු පිරිනමයි. නමුත් ඔවුන් හැරී ගියේ නම් එවිට නියත වශයෙන්ම නුඹලා වෙත මහත් දිනයක දඬුවම ගැන මම බිය වෙමි.
11:4ජුස් 11 · පි. 221

إِلَى اللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ4

නුඹලාගේ නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙතය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
11:5ජුස් 11 · පි. 221

أَلَا إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ5

දැන ගනු. සැබැවින්ම ඔවුන් (අල්ලාහ් වන) ඔහුගෙන් සැඟ වෙනු පිණිස ඔවුන්ගේ හදවත් (තුළ ඇති දෑ) වසන් කරති. දැන ගනු ඔවුන්ගේ ඇඳුමින් ඔවුන් ආවරණය කරන විට ඔවුන් සඟ වන දෑද ඔවුන් හෙළි කරන දෑද ඔහු දනී. නියත වශයෙන්ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
11:6ජුස් 12 · පි. 222

۞ وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِي كِتَابٍ مُبِينٍ6

මහාපොළොවේ වෙසෙන කිසිදු ජීවියෙකු හෝ වේවා එහි පෝෂණය අල්ලාහ් මත මිස නැත. තවද එය වෙසෙන තැන ද එය සමුගෙන යන තැන ද ඔහු දනී. සියල්ල පැහැදිලි ලේඛනයෙහි ඇත.
11:7ජුස් 12 · පි. 222

وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ وَلَئِنْ قُلْتَ إِنَّكُمْ مَبْعُوثُونَ مِنْ بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ7

තවද අහස් හා මහපොළොව දින හයකින් මැව්වේ ඔහුය. තවද ඔහුගේ රාජධානිය ජලය මත විය. නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් අලංකාර දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිස. ‘සැබැවින්ම නුඹලා මරණයෙන් පසු ව නැවත නැගිටුවනු ලබන්නන්’ බව නුඹ පැවසුවේ නම් ‘මෙය පැහැදිලි හූනියමක් මිස නැතැ’යි (සත්‍යය) ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.
11:8ජුස් 12 · පි. 222

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَىٰ أُمَّةٍ مَعْدُودَةٍ لَيَقُولُنَّ مَا يَحْبِسُهُ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ8

නියමිත කාල පරිච්ඡේදයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ප්‍රමාද කළේ නම් ‘එය වැළෙක්වූයේ කිමෙක්දැ?’යි ඔවුහු පවසනු ඇත. දැන ගනු. ඔවුන් වෙත එය පැමිණෙන දින ඔවුන්ගෙන් එය වෙනතකට හරවා යවනු ලබන කිසිවක් නොමැත. ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් ව වට කර ගනී.
11:9ජුස් 12 · පි. 222

وَلَئِنْ أَذَقْنَا الْإِنْسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ9

මිනිසාට අපි අපගෙන් වූ දයාවක් භුක්ති විඳින්නට සලස්වා පසු ව අපි එය ඔහුගෙන් ඉවත් කළේ නම් නියත වශයෙන්ම ඔහු බලාපොරොත්තු සුන් වූ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ගුණමකුවෙකි.
11:10ජුස් 12 · පි. 222

وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاءَ بَعْدَ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي ۚ إِنَّهُ لَفَرِحٌ فَخُورٌ10

තවද අපි ඔහුට අත් වූ පීඩාවන්ගෙන් පසු ව දායාද භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ‘නපුරු දෑ මගෙන් පහව ගොස් ඇතැයි පවසනු ඇත. සැබැවින්ම ඔහු අහංකාරයෙන් ප්‍රමුදිත වන්නෙකි.
11:11ජුස් 12 · පි. 222

إِلَّا الَّذِينَ صَبَرُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ11

නමුත් ඉවසා දරා යහකම් කළවුන් හැර. ඔවුනට සමාව ද මහත් ප්‍රතිඵල ද ඇත.
11:12ජුස් 12 · පි. 222

فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَىٰ إِلَيْكَ وَضَائِقٌ بِهِ صَدْرُكَ أَنْ يَقُولُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ كَنْزٌ أَوْ جَاءَ مَعَهُ مَلَكٌ ۚ إِنَّمَا أَنْتَ نَذِيرٌ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ12

‘ඔහු කෙරෙහි නිධානයක් පහළ විය යුතු නොවේ ද එසේ නැතහොත් ඔහු සමග දේව දූතයකු පැමිණිය යුතු නොවේ දැයි ඔවුන් පවසා සිටීම හේතුවෙන් නුඹගේ හදවත එමගින් පීඩනයට පත් ව තිබිය දී නුඹ වෙත දන්වනු ලබන දැයින් ඇතැමක් (නුඹ ප්‍රචාරය නොකොට) අත හැර දමන්නට පුළුවන. නියත වශයෙන්ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද අල්ලාහ් සියලු දෑ වෙත භාරකරුය.
11:13ජුස් 12 · පි. 223

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِعَشْرِ سُوَرٍ مِثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ13

එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය ) නුඹ පවසනු. එසේ නම් නුඹලා ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම්, අල්ලාහ්ගෙන් තොර ව (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.
11:14ජුස් 12 · පි. 223

فَإِلَّمْ يَسْتَجِيبُوا لَكُمْ فَاعْلَمُوا أَنَّمَا أُنْزِلَ بِعِلْمِ اللَّهِ وَأَنْ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنْتُمْ مُسْلِمُونَ14

එසේ ඔවුහු නුඹලාට පිළිතුරක් නොදෙන්නේ නම් එවිට නියත වශයෙන්ම මෙය පහළ කරනු ලැබුවේ අල්ලාහ්ගේ දැනුමෙන් බවත් ඔහු හැර නැමඳුමට වෙනත් දෙවිඳෙකු නොමැති බවත් නුඹලා දැන ගනු. නුඹලා (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ද?
11:15ජුස් 12 · පි. 223

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ15

කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට එහි පූර්ණ ව පිරිනමමු. ඔවුහු එහි කප්පාදු කරනු නොලබන්නෝය.
11:16ජුස් 12 · පි. 223

أُولَٰئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الْآخِرَةِ إِلَّا النَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا فِيهَا وَبَاطِلٌ مَا كَانُوا يَعْمَلُونَ16

මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්ට වෙනත් කිසිවක් නොමැති උදවිය ඔවුහුමය. ඔවුන් එහි සිදු කළ දෑ ශූන්‍ය විය. තවද ඔවුන් කරමින් සිටි දෑ නිෂ්ඵල විය.
11:17ජුස් 12 · පි. 223

أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِنْهُ وَمِنْ قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۚ وَمَنْ يَكْفُرْ بِهِ مِنَ الْأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ ۚ فَلَا تَكُ فِي مِرْيَةٍ مِنْهُ ۚ إِنَّهُ الْحَقُّ مِنْ رَبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ17

තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී එයින් සාක්ෂිකරුවකු එය පාරායනය කරමින් සිටිය දී එමෙන්ම ඊට පෙර මග පෙන්වීමක් හා දයාවක් වශයෙන් මූසාගේ පුස්තකය ද තිබිය දී (එය පිටුපානුයේ) එවන් පුද්ගලයකු ද? ඔවුහු එය විශ්වාස කරති. තවද ජන සමූහයන් අතුරින් කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඥත ස්ථානය (නිරා) ගින්නය. එබැවින් නුඹ ඒ ගැන සැකයෙහි පසු නොවනු. නියත වශයෙන්ම එයයි නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා එය විශ්වාස නොකරති.
11:18ජුස් 12 · පි. 223

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۚ أُولَٰئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ الْأَشْهَادُ هَٰؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ18

අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරුවා කවරෙකු ද? ඔවුන් තම පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලැබේ. තවද ‘මොවුන් තම පරමාධිපති වෙත බොරු පැවසූවන් යැයි සාක්ෂිකරුවෝ පවසති. දැන ගනු. අපරාධකරුවන් වෙත අල්ලාහ්ගේ ශාපය ඇත.
11:19ජුස් 12 · පි. 223

الَّذِينَ يَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ19

ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එහි දෝෂ සොයති. පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
11:20ජුස් 12 · පි. 224

أُولَٰئِكَ لَمْ يَكُونُوا مُعْجِزِينَ فِي الْأَرْضِ وَمَا كَانَ لَهُمْ مِنْ دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ۘ يُضَاعَفُ لَهُمُ الْعَذَابُ ۚ مَا كَانُوا يَسْتَطِيعُونَ السَّمْعَ وَمَا كَانُوا يُبْصِرُونَ20

ඔවුහු මහපොළොවේ (අල්ලාහ්ගේ දඬුවමින් මිදීමට) හැකියාවන්තයින් නොවූහ. අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාරකරුවන් ඔවුනට නොවීය. ඔවුනට එම දඬුවම දෙගුණ කර දෙනු ලැබේ. ඔවුහු සවන් දෙන්නට ශක්තිය දරන්නන් නොවූහ. එමෙන්ම බලන්නන් ද නොවූහ.
11:21ජුස් 12 · පි. 224

أُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ21

තමන්ටම අලාභහානි කර ගත්තවුන් ඔවුන්මය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා විය.
11:22ජුස් 12 · පි. 224

لَا جَرَمَ أَنَّهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ22

එසේ නොවේ නියත වශයෙන්ම ඔවුහු මතු ලොවෙහි මහත් අලාභවන්තයින්මය.
11:23ජුස් 12 · පි. 224

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَخْبَتُوا إِلَىٰ رَبِّهِمْ أُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ23

නියත වශයෙන්ම විශ්වාස කරමින් යහකම් කොට තම පරමාධිපති වෙත යටහත් වූවන් වන ඔවුහුමය ස්වර්ග වාසීහු. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
11:24ජුස් 12 · පි. 224

۞ مَثَلُ الْفَرِيقَيْنِ كَالْأَعْمَىٰ وَالْأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ24

මෙම කණ්ඩායම් දෙකෙහි උපමාව අන්ධයා හා බිහිරා එමෙන්ම දෘෂ්ටිය ඇත්තා හා සවන් දෙන්නා මෙන් වෙයි. මොවුන් දෙදෙනා උපමාවෙන් සමාන වෙයි ද? එබැවින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
11:25ජුස් 12 · පි. 224

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ إِنِّي لَكُمْ نَذِيرٌ مُبِينٌ25

තවද සැබැවින්ම අපි නූහ් ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. නියත වශයෙන්ම මම නුඹලාට අවවාද කරන්නෙකු වෙමි. (යැයි ඔහු පැවසුවේය.)
11:26ජුස් 12 · පි. 224

أَنْ لَا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ26

නුඹලා අල්ලාහ් හැර (වෙනත් කිසිවෙකුට) ගැතිකම් නොකළ යුතුය. නියත වශයෙන්ම මම නුඹලා වෙත වේදනීය දිනයක දඬුවම ගැන බිය වෙමි. (යැයි තවදුරටත් පැවසුවේය.)
11:27ජුස් 12 · පි. 224

فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا نَرَاكَ إِلَّا بَشَرًا مِثْلَنَا وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلَّا الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِنْ فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَ27

එවිට ‘නුඹ අප මෙන් මිනිසෙකු ලෙසින් මිස අපි නුඹ ව නොදකිමු. එමෙන්ම අපට වඩා පහත් ගම්බද අදහස් ඇති අය හැර වෙනත් කිසිවකු නුඹ ව අනුගමනය කරන බව ද අපි නොදකිමු. තවද අපට වඩා ශ්‍රෙෂ්ඨත්වයක් නුඹලාට ඇතැයි ද අපි නොසිතමු. නුඹලා මුසාවාදීන් බව අපි සිතන්නෙමු’ යැයි ඔහුගේ ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසූහ.
11:28ජුස් 12 · පි. 224

قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِنْ كُنْتُ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَآتَانِي رَحْمَةً مِنْ عِنْدِهِ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنْتُمْ لَهَا كَارِهُونَ28

මාගේ ජනයිනි මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම සිටීම ගැනද ඔහු වෙතින් මා හට කරුණාව පිරිනමා තිබීම ගැනද නුඹලා කුමක් සිතන්නෙහු ද? නමුත් නුඹලා වෙත අන්ධභාවය ඇති කරන ලදී. නුඹලා පිළිකුල් කරන්නන් ව සිටිය දී අපි නුඹලාට එය බල කරන්නෙමු ද?
11:29ජුස් 12 · පි. 225

وَيَا قَوْمِ لَا أَسْأَلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۚ وَمَا أَنَا بِطَارِدِ الَّذِينَ آمَنُوا ۚ إِنَّهُمْ مُلَاقُو رَبِّهِمْ وَلَٰكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ29

තවද අහෝ මාගේ ජනයිනි, මේ වෙනුවෙන් මම නුඹලාගෙන් මුදලක් නොඉල්ලමි. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස නැත. තවද මම විශ්වාස කළවුන් පලවා හරින්නෙකු ද නොවෙමි. නියත වශයෙන්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපති ව හමු වන්නන්ය. එනමුත් මම නුඹලා ව දකිනුයේ අඥානකමින් කටයුතු කරන පිරිසක් ලෙසිනි.
11:30ජුස් 12 · පි. 225

وَيَا قَوْمِ مَنْ يَنْصُرُنِي مِنَ اللَّهِ إِنْ طَرَدْتُهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ30

තවද අහෝ මාගේ ජනයිනි, මම ඔවුන් ව පලවා හැරියේ නම් අල්ලාහ්ගෙන් (මා ආරක්ෂා වීමට) මට උදව් කරනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
11:31ජුස් 12 · පි. 225

وَلَا أَقُولُ لَكُمْ عِنْدِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ إِنِّي مَلَكٌ وَلَا أَقُولُ لِلَّذِينَ تَزْدَرِي أَعْيُنُكُمْ لَنْ يُؤْتِيَهُمُ اللَّهُ خَيْرًا ۖ اللَّهُ أَعْلَمُ بِمَا فِي أَنْفُسِهِمْ ۖ إِنِّي إِذًا لَمِنَ الظَّالِمِينَ31

මා වෙත අල්ලාහ්ගේ නිධන් වස්තු ඇතැයි මම නොකියමි. තවද මම ගුප්ත දැය නොදනිමි. සැබැවින්ම මම මලක්වරයකු යැයි ද නොකියමි. නුඹලාගේ ඇස් පහත් ලෙස දුටු උදවියට අල්ලාහ් කිසිදු යහපතක් පිරි නොනමනු ඇතැයි මම නොකියමි. ඔවුන් තුළ ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය. නියත වශයෙන්ම මම එවිට අපරාධකරුවන් අතුරින් වෙමි.
11:32ජුස් 12 · පි. 225

قَالُوا يَا نُوحُ قَدْ جَادَلْتَنَا فَأَكْثَرْتَ جِدَالَنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ32

අහෝ නූහ්, සැබැවින්ම නුඹ අප සමග තර්ක කළෙහිය. අප සමග වූ තර්කය නුඹ අධික කළෙහිය. නුඹ සත්‍යවාදීන් අතුරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසුවෝය.
11:33ජුස් 12 · පි. 225

قَالَ إِنَّمَا يَأْتِيكُمْ بِهِ اللَّهُ إِنْ شَاءَ وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ33

සැබැවින්ම අල්ලාහ් එය නුඹලා වෙත ගෙන එනුයේ ඔහු අභිමත කළේ නම් පමණි. තවද නුඹලා (එයින් මිදීමට) හැකියාව ඇත්තන් නොවන්නෙහුය.
11:34ජුස් 12 · පි. 225

وَلَا يَنْفَعُكُمْ نُصْحِي إِنْ أَرَدْتُ أَنْ أَنْصَحَ لَكُمْ إِنْ كَانَ اللَّهُ يُرِيدُ أَنْ يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ34

නුඹලා ව නොමග යැවීමට අල්ලාහ් අපේක්ෂා කර සිටියේ නම් මම නුඹලාට උපදෙස් දීමට සිතුව ද නුඹලාට මාගේ උපදෙස ඵලක් නොවන්නේය. ඔහුය නුඹලාගේ පරමාධිපති. තවද ඔහු වෙතටමය නුඹලා නැවත යොමු කරනු ලබන්නේ.
11:35ජුස් 12 · පි. 225

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَعَلَيَّ إِجْرَامِي وَأَنَا بَرِيءٌ مِمَّا تُجْرِمُونَ35

එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසති. (නබිවරය) නුඹ පවසනු. එය මම ගෙතුවේ නම් (මා කළ) මාගේ වැරුද්ද මට එරෙහිවය. තවද නුඹලා කරන වැරදි දැයින් මම ඉවත් වන්නෙමි.
11:36ජුස් 12 · පි. 225

وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُ لَنْ يُؤْمِنَ مِنْ قَوْمِكَ إِلَّا مَنْ قَدْ آمَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَفْعَلُونَ36

තවද නුඹගේ ජනයා අතුරින් (පෙර) විශ්වාස කළවුන් හැර වෙනත් කිසිවකු විශ්වාස නොකරන්නෝමය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹ දුක් නොවනු යැයි නූහ්ට පණිවිඩ දෙන ලදී.
11:37ජුස් 12 · පි. 225

وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۚ إِنَّهُمْ مُغْرَقُونَ37

තවද අපගේ අධීක්ෂණය හා අපගේ අණ පරිදි නුඹ නැව තනනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමග කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුහු ගිල් වනු ලබන්නෝමය.
11:38ජුස් 12 · පි. 226

وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِنْ قَوْمِهِ سَخِرُوا مِنْهُ ۚ قَالَ إِنْ تَسْخَرُوا مِنَّا فَإِنَّا نَسْخَرُ مِنْكُمْ كَمَا تَسْخَرُونَ38

තවද ඔහු නැව නිර්මාණය කරයි. ඔහුගේ ජනයා අතුරින් ප්‍රධානීහු ඔහු වෙත ගමන් කළ සෑම විටම ඔහු ගැන ඔවුහු සමච්චල් කළෝය. එබැවින් නුඹලා සමච්චල් කරන්නාක් මෙන්ම සැබැවින්ම අපි ද නුඹලා ගැන සමච්චල් කරන්නෙමු යැයි පැවසීය.
11:39ජුස් 12 · පි. 226

فَسَوْفَ تَعْلَمُونَ مَنْ يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُقِيمٌ39

තමන් විනාශ කර දමන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැයි ද සදාතනික දඬුවම කවුරුන් වෙත ඇති වන්නේ යැයි ද නුඹලා මතු දැන ගනු ඇත. (ඔහු පැවසුවේය)
11:40ජුස් 12 · පි. 226

حَتَّىٰ إِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ ۚ وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌ40

අවසානයේ අපගේ නියෝගය පැමිණ උදුනින් උතුරා ගිය විට එහි දෙදෙනෙකුගෙන් යුත් සෑම ජෝඩුවක් බැගින් ද තවද (දඬුවමේ) වදන කවුරුන් වෙත පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ සෙසු උදවිය ද විශ්වාස කළවුන් ද නැවට නංවා ගනුයි අපි පැවසුවෙමු. ඔහු සමග ස්වල්ප දෙනෙකු මිස විශ්වාස නොකළෝය.
11:41ජුස් 12 · පි. 226

۞ وَقَالَ ارْكَبُوا فِيهَا بِسْمِ اللَّهِ مَجْرَاهَا وَمُرْسَاهَا ۚ إِنَّ رَبِّي لَغَفُورٌ رَحِيمٌ41

නුඹලා එහි ගොඩ වනු. එය ගමන් ගන්නේ ද එය නතර වන්නේ ද අල්ලාහ්ගේ නාමයෙනි. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය යැයි ඔහු පැවසුවේය.
11:42ජුස් 12 · පි. 226

وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَىٰ نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَبْ مَعَنَا وَلَا تَكُنْ مَعَ الْكَافِرِينَ42

තවද ඔවුන් රැගෙන කඳු මෙන් වූ රළ අතර එය ගමන් ගත්තේය. නූහ් තම පුතණුවන් ඇමතුවේය. ඔහු (නැවෙන්) බැහැර ව සිටියේය. ‘මාගේ පුතණුවනි, අප සමග ඔබත් නැවට ගොඩවනු. තවද ඔබ දේව ප්‍රතික්ෂේපකයින් සමග නොවනු.
11:43ජුස් 12 · පි. 226

قَالَ سَآوِي إِلَىٰ جَبَلٍ يَعْصِمُنِي مِنَ الْمَاءِ ۚ قَالَ لَا عَاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللَّهِ إِلَّا مَنْ رَحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِينَ43

ජලයෙන් මා ආරක්ෂා කරන කන්දක් වෙත යමි යැයි ඔහු පැවසුවේය. කවුරුන් වෙත ඔහු කරුණාව පෙන්වූයේ ද ඔවුන් හැර අල්ලාහ්ගේ නියෝගයෙන් අද දින ආරක්ෂා කරන කිසිවෙකු නොමැත. ඔවුන් දෙදෙනා අතර රළ වට කර ගත්තේය. එවිට ඔහු ගිලී ගිය අතුරින් අයෙකු විය.
11:44ජුස් 12 · පි. 226

وَقِيلَ يَا أَرْضُ ابْلَعِي مَاءَكِ وَيَا سَمَاءُ أَقْلِعِي وَغِيضَ الْمَاءُ وَقُضِيَ الْأَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ ۖ وَقِيلَ بُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ44

අහෝ මහපොළොව, ඔබේ ජලය ඔබ ගිල ගනු. අහෝ අහස, ඔබ (වැසි) නතර කරනු යැයි කියනු ලැබීය. ජලය අඩු වී ගියේය. නියෝගය තීන්දු විය. එය (නැව) ජූද් කන්ද මත රැඳිණ. අපරාධකාරී ජනයා දුරස් වේවා යැයි කියනු ලැබීය.
11:45ජුස් 12 · පි. 226

وَنَادَىٰ نُوحٌ رَبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابْنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنْتَ أَحْكَمُ الْحَاكِمِينَ45

(එවිට) නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මාගේ පුතණුවන් මාගේම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන්ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතුරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේය.
11:46ජුස් 12 · පි. 227

قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ ۖ فَلَا تَسْأَلْنِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۖ إِنِّي أَعِظُكَ أَنْ تَكُونَ مِنَ الْجَاهِلِينَ46

අහෝ නූහ්, නියත වශයෙන්ම ඔහු නුඹගේ පවුලෙන් කෙනෙකු නොවේ. නියත වශයෙන්ම ඔහු දැහැමිභාවයෙන් තොර ව ක්‍රියා කළ අයෙකි. එබැවින් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුමක් නොමැත්තේ ද එය මගෙන් නුඹ නොඉල්ලනු. නියත වශයෙන්ම නුඹ අඥානයින් අතුරින් වීම ගැන මම නුඹට උපදෙස් දෙමි යැයි ඔහු පැවසීය.
11:47ජුස් 12 · පි. 227

قَالَ رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ ۖ وَإِلَّا تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُنْ مِنَ الْخَاسِرِينَ47

මාගේ පරමාධිපතියාණනි, කවර දෙයක් ගැන මට දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබෙන් ඉල්ලීමෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි. ඔබ මට සමාව දී ඔබ මා හට කරුණා නොකරන්නේ නම් මම අලාභවන්තයින් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
11:48ජුස් 12 · පි. 227

قِيلَ يَا نُوحُ اهْبِطْ بِسَلَامٍ مِنَّا وَبَرَكَاتٍ عَلَيْكَ وَعَلَىٰ أُمَمٍ مِمَّنْ مَعَكَ ۚ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ48

අහෝ නූහ්, අපගෙන් වූ ආශිර්වාදය සමග ද ඔබ වෙත හා ඔබ සමග සිටි සමූහයන් වෙත වූ අභිවෘද්ධියන් සමග ද ඔබ ගොඩ බසිනු. තවත් සමූහයන් (වෙති), අපි ඔවුනට (මද කලකට) භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසු ව අපගෙන් වූ වේදනීය දඬුවමක් ඔවුන් හසු කර ගනු ඇත.
11:49ජුස් 12 · පි. 227

تِلْكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ ۖ مَا كُنْتَ تَعْلَمُهَا أَنْتَ وَلَا قَوْمُكَ مِنْ قَبْلِ هَٰذَا ۖ فَاصْبِرْ ۖ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ49

මෙය ගුප්ත පුවත් අතුරිනි. අපි එය නුඹ වෙත දන්වා සිටිමු. මීට පෙර නුඹ හා නුඹගේ ජනයා එය දැන සිටියේ නැත. එබැවින් නුඹ ඉවසනු. නියත වශයෙන්ම යහපත් අවසානය දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් හටය.
11:50ජුස් 12 · පි. 227

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ إِنْ أَنْتُمْ إِلَّا مُفْتَرُونَ50

තවද ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (අපි එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැති කම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවිඳෙකු නොමැත. නුඹලා ගොතන්නන් මිස නැත යැයි ඔහු පැවසුවේය.
11:51ජුස් 12 · පි. 227

يَا قَوْمِ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى الَّذِي فَطَرَنِي ۚ أَفَلَا تَعْقِلُونَ51

මාගේ ජනයිනි, ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය මා මැවූ අය වෙත මිස නැත. එබැවින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?
11:52ජුස් 12 · පි. 227

وَيَا قَوْمِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا مُجْرِمِينَ52

මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. පසු ව පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. ඔහු නුඹලා වෙත අහස් ජලය අඛණ්ඩ ව එවනු ඇත. තවද නුඹලාගේ බලයට බලය වර්ධනය කර දෙනු ඇත. තවද නුඹලා වැරදිකරුවන් ලෙසින් පිටු නොපානු.
11:53ජුස් 12 · පි. 227

قَالُوا يَا هُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍ وَمَا نَحْنُ بِتَارِكِي آلِهَتِنَا عَنْ قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ53

අහෝ හූද්, නුඹ අප වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවේ නැත. තවද අපි නුඹේ කියමන අනුව අපගේ දෙවිවරුන් අතහරින්නන් නොවෙමු. තවද අපි නුඹ ව විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
11:54ජුස් 12 · පි. 228

إِنْ نَقُولُ إِلَّا اعْتَرَاكَ بَعْضُ آلِهَتِنَا بِسُوءٍ ۗ قَالَ إِنِّي أُشْهِدُ اللَّهَ وَاشْهَدُوا أَنِّي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ54

අපගේ ඇතැම් දෙවිවරුන් නුඹට හානියක් සිදු කරනු ඇතැයි මිස අපි නොපවසන්නෙමු.’ ‘නියත වශයෙන්ම මම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ආදේශ තබන දැයින් ඉවත් වූවකු බවට අල්ලාහ් වෙත සාක්ෂි දරනු ලැබුවෙමි
11:55ජුස් 12 · පි. 228

مِنْ دُونِهِ ۖ فَكِيدُونِي جَمِيعًا ثُمَّ لَا تُنْظِرُونِ55

එහෙයින් නුඹලා සියල්ල එක් ව මට ක්‍රමන්ත්‍රණ කරනු. පසු ව මට නුඹලා අවකාශ නොදෙනු.’ යැයි ඔහු පැවසුවේය.
11:56ජුස් 12 · පි. 228

إِنِّي تَوَكَّلْتُ عَلَى اللَّهِ رَبِّي وَرَبِّكُمْ ۚ مَا مِنْ دَابَّةٍ إِلَّا هُوَ آخِذٌ بِنَاصِيَتِهَا ۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ56

නියත වශයෙන්ම මම මාගේ පරාධිපති වූ ද නුඹලාගේ පරමාධිපති වූ ද අල්ලාහ් වෙත (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු එහි නළල් කෙස් රොදින් ඔහු හසු කර ගන්නෙකු මිස නැත. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඍජු මාර්ගය මතය.
11:57ජුස් 12 · පි. 228

فَإِنْ تَوَلَّوْا فَقَدْ أَبْلَغْتُكُمْ مَا أُرْسِلْتُ بِهِ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّي قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُ شَيْئًا ۚ إِنَّ رَبِّي عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ57

නමුත් නුඹලා පිටුපෑවෙහු නම් (දැන ගනු) මා නුඹලා වෙත කවර කරුණක් සමග එවනු ලැබුවෙම් ද එය මා නුඹලා වෙත සැබැවින්ම දැන්වූයෙමි. තවද මාගේ පරමාධිපති නුඹලා නොවන පිරිසක් නියෝජිතයින් බවට පත් කරයි. නුඹලා ඔහුට කිසිවකින් හානි සිදු කළ නොහැක. නියත වශයෙන්ම මාගේ පරමාධිපති සියලු දෑ සුරක්ෂා කරන්නාය.
11:58ජුස් 12 · පි. 228

وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا هُودًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَنَجَّيْنَاهُمْ مِنْ عَذَابٍ غَلِيظٍ58

අපගේ නියෝගය පැමිණි කල්හි අපගෙන් වූ ආශිර්වාදය තුළින් අපි හූද් හා ඔහු සමග වූ විශ්වාස කළවුන් මුදවා ගතිමු. තවද අපි ඔවුන් ව දැඩි දඬුවමින් මුදවා ගතිමු.
11:59ජුස් 12 · පි. 228

وَتِلْكَ عَادٌ ۖ جَحَدُوا بِآيَاتِ رَبِّهِمْ وَعَصَوْا رُسُلَهُ وَاتَّبَعُوا أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍ59

තවද එය ආද්(සමූහයා)ය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළෝය. තවද ඔවුහු ඔහුගේ ධර්ම දූතවරුන්ට පිටුපෑහ. තවද ඔවුහු සෑම දෘඪ පාලකයකුගේම නියෝග පිළිපැද්දෝය.
11:60ජුස් 12 · පි. 228

وَأُتْبِعُوا فِي هَٰذِهِ الدُّنْيَا لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ ۗ أَلَا إِنَّ عَادًا كَفَرُوا رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِعَادٍ قَوْمِ هُودٍ60

තවද මෙලොවෙහි ද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයෙහි ද ශාපය ඔවුන් ලුහු බඳිනු ලබනු ඇත. දැන ගනු නියත වශයෙන්ම ආද් සමූහයා තම පරමාධිපති ප්‍රතික්ෂේප කළෝය. දැන ගනු හූද්ගේ ජනයා වූ ආද් (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස් වූහ.
11:61ජුස් 12 · පි. 228

۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ هُوَ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَاسْتَعْمَرَكُمْ فِيهَا فَاسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوا إِلَيْهِ ۚ إِنَّ رَبِّي قَرِيبٌ مُجِيبٌ61

තවද සමූද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. නුඹලා ව මහපොළොවෙන් බිහි කළේ ඔහුය. තවද එහි (පදිංචි වීමට) නුඹලාට ආයු කාලයක් දුන්නේය. එබැවින් නුඹලා ඔහුගෙන් සමාව ඉල්ලා පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති සමීපය. පිළිතුරු දෙන්නාය.
11:62ජුස් 12 · පි. 228

قَالُوا يَا صَالِحُ قَدْ كُنْتَ فِينَا مَرْجُوًّا قَبْلَ هَٰذَا ۖ أَتَنْهَانَا أَنْ نَعْبُدَ مَا يَعْبُدُ آبَاؤُنَا وَإِنَّنَا لَفِي شَكٍّ مِمَّا تَدْعُونَا إِلَيْهِ مُرِيبٍ62

‘අහෝ සාලිහ්, මීට පෙර ඔබ අප අතර බලාපොරොත්තු තැබිය හැක්කෙකු විය. අපගේ මුතුන් මිත්තන් ගැතිකම් කරන දෑට අප ගැතිකම් කිරීමෙන් නුඹ අප ව වළක්වන්නෙහි ද? නුඹ අප ව කුතුහලයක් ඇති කර වන දෑ වෙත අප ව ඇරයුම් කරන්නෙහි ද? නියත වශයෙන්ම අපි ඒ ගැන සැකයෙහි පසුවන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.
11:63ජුස් 12 · පි. 229

قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِنْ كُنْتُ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَآتَانِي مِنْهُ رَحْمَةً فَمَنْ يَنْصُرُنِي مِنَ اللَّهِ إِنْ عَصَيْتُهُ ۖ فَمَا تَزِيدُونَنِي غَيْرَ تَخْسِيرٍ63

‘මාගේ ජනයිනි, මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම හිඳිමින් ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට ඔහු පිරිනමා තිබිය දී මම ඔහුට පිටුපෑවේ නම් අල්ලාහ්ගෙන් තොර ව මට උපකාර කරනුයේ කවුරුන් දැයි යන වග නුඹලා සිතා බැලුවෙහු ද? නුඹලා මට අලාභ හානිය මිස වෙනත් කිසිවක් වැඩි කළේ නැත’ යැයි ඔහු පැවසුවේය.
11:64ජුස් 12 · පි. 229

وَيَا قَوْمِ هَٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ قَرِيبٌ64

අහෝ මාගේ ජනයිනි, මෙය නුඹලාට සංඥාවක් වශයෙන් (දෙන ලද්දා) වූ අල්ලාහ්ගේ ඔටු දෙනය. එබැවින් මහපොළොවේ උළා කන්නට නුඹලා ඌ අත හැර දමනු. යම් නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නොකරනු. එවිට සමීපයෙන් වූ දඬුවමක් නුඹලා ව හසු කර ගනු ඇත.
11:65ජුස් 12 · පි. 229

فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا فِي دَارِكُمْ ثَلَاثَةَ أَيَّامٍ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍ65

පසු ව ඔවුහු උගේ ගෙල නහර කපා දැමුවෝය. එවිට නුඹලා නුඹලාගේ නිවෙස් තුළ දින තුනක් භුක්ති විඳිනු. එය බොරු කළ නොහැකි ප්‍රතිඥාව යැයි ඔහු පැවසීය.
11:66ජුස් 12 · පි. 229

فَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا صَالِحًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَمِنْ خِزْيِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ الْقَوِيُّ الْعَزِيزُ66

එවිට අපගේ (දඬුවමේ) නියෝගය පැමිණි කල්හි අපගේ ආශිර්වාදය තුළින් හා එදින අවමානයෙන් අපි සාලිහ් හා ඔහු සමග වූ විශ්වාස කළවුන් ව මුදවා ගතිමු. නියත වශයෙන්ම ඔබේ පරමාධිපති වන ඔහුය සර්ව බලධාරී අති බල සම්පන්න වන්නේ.
11:67ජුස් 12 · පි. 229

وَأَخَذَ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ67

තවද මහා හඬ අපරාධ කළවුන් හසු කළේය. එවිට ඔවුහු උදෑසන තම නිවෙස් තුළ මළ කඳන් ලෙසින් සිටියහ.
11:68ජුස් 12 · පි. 229

كَأَنْ لَمْ يَغْنَوْا فِيهَا ۗ أَلَا إِنَّ ثَمُودَ كَفَرُوا رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِثَمُودَ68

ඔවුහු එහි කිසිවිටෙක පදිංචි නොවූවක් මෙනි. දැන ගනු. නියත වශයෙන්ම සමූද් (ජනයා) ඔවුන්ගේ පරමාධිපති ව ප්‍රතික්ෂේප කළෝය. දැන ගනු සමූද් (ජනයා අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස් වූහ.
11:69ජුස් 12 · පි. 229

وَلَقَدْ جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ ۖ فَمَا لَبِثَ أَنْ جَاءَ بِعِجْلٍ حَنِيذٍ69

අපගේ දූතයින් ශුභාරංචි සමග ඉබ්‍රාහීම් වෙත පැමිණ ‘ශාන්තිය අත් වේවා’ යැයි පැවසූහ. ඔහු ද ‘ශාන්තිය අත් වේවා ’ යැයි පැවසුවේය. එවිට (ආගන්තුකයින් සඳහා) බැඳපු වසු පැටවෙකු ගෙන ඒමට (ඔහුට) වැඩි වේලාවක් ගත නොවීය.
11:70ජුස් 12 · පි. 229

فَلَمَّا رَأَىٰ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۚ قَالُوا لَا تَخَفْ إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمِ لُوطٍ70

ඔවුන්ගේ අත් ඒ(ආහාරය) වෙත ළඟා නොවූ බව ඔහු දුටු විට ඔවුන් නාඳුනන අය බව වැටහිණි. ඔවුන් පිළිබඳ බියක් ඇති විය. ‘නුඹ බිය නොවනු. නියත වශයෙන්ම අපි ලූත්ගේ ජනයා වෙත එවනු ලැබූවන් වෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.
11:71ජුස් 12 · පි. 229

وَامْرَأَتُهُ قَائِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَاهَا بِإِسْحَاقَ وَمِنْ وَرَاءِ إِسْحَاقَ يَعْقُوبَ71

ඔහුගේ බිරිය ද සිට ගෙන සිටියාය. (මෙය ඇසූ) ඇය සිනහසුණාය. එවිට අපි ඇයට (ඉපදෙන්නට සිටින) ඉස්හාක් පිළිබඳ හා ඉස්හාක්ගෙන් පසු යඃකූබ් පිළිබඳ ශුභාරංචි දැන්වූයෙමු.
11:72ජුස් 12 · පි. 230

قَالَتْ يَا وَيْلَتَىٰ أَأَلِدُ وَأَنَا عَجُوزٌ وَهَٰذَا بَعْلِي شَيْخًا ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ عَجِيبٌ72

අහෝ මාගේ ඛේදය මම මැහැල්ලියෙකු ව සිටිය දී මේ මාගේ සැමියා වයෝවෘද්ධයෙකු ව සිටිය දී මම දරුවකු ප්‍රසූත කරන්නෙම් ද? නියත වශයෙන්ම එය පුදුම සහගත කරුණකි යැයි ඇය කීවාය.
11:73ජුස් 12 · පි. 230

قَالُوا أَتَعْجَبِينَ مِنْ أَمْرِ اللَّهِ ۖ رَحْمَتُ اللَّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ ۚ إِنَّهُ حَمِيدٌ مَجِيدٌ73

අල්ලාහ්ගේ නියෝගය සම්බන්ධ යෙන් නුඹ පුදුම වන්නෙහි ද? අල්ලාහ්ගේ ආශිර්වාදය හා භාග්‍යය නිවැසියන් වන නුඹලා සතු වේවා නියත වශයෙන්ම ඔහු ප්‍රශංසා ලාභීය. අති කීර්තිමත්ය.
11:74ජුස් 12 · පි. 230

فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَاهِيمَ الرَّوْعُ وَجَاءَتْهُ الْبُشْرَىٰ يُجَادِلُنَا فِي قَوْمِ لُوطٍ74

ඉබ්‍රාහීම්ගෙන් බිය පහ ව ගොස් (දරුවන් සම්බන්ධයෙන් වූ) ශුභාරංචි ඔහු වෙත පැමිණි කල්හි ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් ඔහු අප සමග වාද කළේය.
11:75ජුස් 12 · පි. 230

إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُنِيبٌ75

නියත වශයෙන්ම ඉබ්‍රාහීම් ඉවසන සුළු කරුණාවන්ත (අල්ලාහ් වෙත) නැඹුරුවන්නෙකි.
11:76ජුස් 12 · පි. 230

يَا إِبْرَاهِيمُ أَعْرِضْ عَنْ هَٰذَا ۖ إِنَّهُ قَدْ جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ آتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ76

අහෝ ඉබ්‍රාහීම්, ඔබ මෙයින් වැළකෙනු. සැබැවින්ම ඔබගේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. තවද නියත වශයෙන්ම ඔවුන් වෙත ප්‍රතික්ෂේප කළ නොහැකි දඬුවමක් පැමිණ ඇත.
11:77ජුස් 12 · පි. 230

وَلَمَّا جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالَ هَٰذَا يَوْمٌ عَصِيبٌ77

අපගේ දූතවරුන් ලූත් වෙත පැමිණි කල්හි ඔහු ඔවුන් පිළිබඳ කනස්සල්ලට පත් විය. තවද ඔවුන් පිළිබඳ ව බලවත් ලෙස පීඩනයට පත් විය. තවද මෙය දරුණු දිනයකි යැයි ඔහු පැවසුවේය.
11:78ජුස් 12 · පි. 230

وَجَاءَهُ قَوْمُهُ يُهْرَعُونَ إِلَيْهِ وَمِنْ قَبْلُ كَانُوا يَعْمَلُونَ السَّيِّئَاتِ ۚ قَالَ يَا قَوْمِ هَٰؤُلَاءِ بَنَاتِي هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ فِي ضَيْفِي ۖ أَلَيْسَ مِنْكُمْ رَجُلٌ رَشِيدٌ78

තවද ඔහුගේ ජනයා ඔහු වෙත (ඔවුන් සමග වැරදි ලෙස හැසිරීමට) වේගයෙන් පැමිණියහ. තවද මීට පෙරද ඔවුන් නපුරුකම් සිදුකරමින් පසු වූහ. මාගේ ජනයිනි, මේ මාගේ දූවරුන්ය. මොවුන් නුඹලාට අති පිවිතුරුය. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. මාගේ ආගන්තුකයින් අතර මා අවමානයට පත් නොකරනු. යහ මග ලැබූ කිසිදු (බුද්ධිමත්) මිනිසෙකු නුඹලා අතුරින් නොවේ දැයි ඔහු විමසුවේය.
11:79ජුස් 12 · පි. 230

قَالُوا لَقَدْ عَلِمْتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنْ حَقٍّ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ79

නුඹගේ දූවරුන් සම්බන්ධයෙන් (කිසිදු අවශ්‍යතාවක්) අපට නොමැති බව සැබෑ ලෙසින් නුඹ දන්නෙහිය. තවද අප අපේක්ෂා කරනුයේ කුමක් දැයි ද නුඹ නියත වශයෙන්ම දන්නෙහිය යැයි ඔවුහු පැවසූහ.
11:80ජුස් 12 · පි. 230

قَالَ لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ آوِي إِلَىٰ رُكْنٍ شَدِيدٍ80

නුඹලාට එරෙහි ව (ක්‍රියා කිරීමට) නියත වශයෙන් මට බලයක් තිබුණේ නම් නැතහොත් බලවත් ආධාරකයක් වෙත පිහිට පතන්නට මට හැකි වන්නේ නම් යැයි ඔහු පැවසුවේය.
11:81ජුස් 12 · පි. 230

قَالُوا يَا لُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَنْ يَصِلُوا إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ وَلَا يَلْتَفِتْ مِنْكُمْ أَحَدٌ إِلَّا امْرَأَتَكَ ۖ إِنَّهُ مُصِيبُهَا مَا أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ الصُّبْحُ ۚ أَلَيْسَ الصُّبْحُ بِقَرِيبٍ81

“අහෝ ලූත්, සැබැවින්ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතයෝ වෙමු. නුඹ වෙත ඔවුහු ළඟා නොවන්නෝමය. එබැවින් රාත්‍රිය අවසන් කොටසෙහි නුඹගේ පවුල රැගෙන රහසිගත ව පිටත් ව යනු. නුඹලා අතුරින් කිසිවකු හැරී නොබැලිය යුතුය. නුඹගේ බිරිය හැර. ඔවුනට අත්වන දෑ නියත වශයෙන්ම ඇයට ද අත්වනු ඇත. නියත වශයෙන්ම ඔවුන්ගේ ප්‍රතිඥත කාලය අලුයම් කාලයයි. අලුයම් කාලය සමීප ව නොවේ ද?” යැයි ඔවුහු පැවසූහ.
11:82ජුස් 12 · පි. 231

فَلَمَّا جَاءَ أَمْرُنَا جَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةً مِنْ سِجِّيلٍ مَنْضُودٍ82

අපගේ නියෝගය පැමිණි කල්හි අපි එය උඩු යටිකුරු කළෙමු. තවද ඒ වෙත එකිනෙකට ඇමුණුනු පිලිස්සුණු ගල් වැස්සවීමු.
11:83ජුස් 12 · පි. 231

مُسَوَّمَةً عِنْدَ رَبِّكَ ۖ وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ83

(එය) නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවකි. අපරාධකරුවන්ගෙන් එය දුරස් නොවීය.
11:84ජුස් 12 · පි. 231

۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ وَلَا تَنْقُصُوا الْمِكْيَالَ وَالْمِيزَانَ ۚ إِنِّي أَرَاكُمْ بِخَيْرٍ وَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ مُحِيطٍ84

මද්යන් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිඳු දෙවියකු නොමැත. කිරුම් හා මිනුම් වල අඩු නොකරනු. නියත වශයෙන්ම මම නුඹලාට යහපතම දකිමි. තවද නියත වශයෙන්ම මම සියල්ල ග්‍රහණය කරන දිනයක දඬුවම නුඹලා වෙත ඇති වීම ගැන බිය වෙමි.
11:85ජුස් 12 · පි. 231

وَيَا قَوْمِ أَوْفُوا الْمِكْيَالَ وَالْمِيزَانَ بِالْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ85

අහෝ මාගේ ජනයිනි, නුඹලා කිරුම් මිනුම් යුක්ති ගරුක ලෙසින් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩුපාඩු නොකරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස පහත් අයුරින් කටයුතු නොකරනු.
11:86ජුස් 12 · පි. 231

بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ ۚ وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ86

නුඹලා විශ්වාසවන්තයින් නම් අල්ලාහ්ගෙන් වූ ශේෂය නුඹලාට උතුම්ය. තවද මම නුඹලා වෙත වූ ආරක්ෂකයකු නොවෙමි.
11:87ජුස් 12 · පි. 231

قَالُوا يَا شُعَيْبُ أَصَلَاتُكَ تَأْمُرُكَ أَنْ نَتْرُكَ مَا يَعْبُدُ آبَاؤُنَا أَوْ أَنْ نَفْعَلَ فِي أَمْوَالِنَا مَا نَشَاءُ ۖ إِنَّكَ لَأَنْتَ الْحَلِيمُ الرَّشِيدُ87

අහෝ ෂුඅයිබ්, අපගේ මුතුන් මිත්තන් නමදින දෑ අප අත හැර දැමීමටත් අපගේ වස්තු වල අප කැමති පරිදි අප කටයුතු නොකිරීමටත් නුඹගේ සලාතය නුඹට අණ කරන්නේ ද? සැබැවින්ම ඉවසනු සුළු යහ මගහි ගමන් කරන්නා නුඹ (පමණ) දැයි විමසුවෝය.
11:88ජුස් 12 · පි. 231

قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِنْ كُنْتُ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَرَزَقَنِي مِنْهُ رِزْقًا حَسَنًا ۚ وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَا أَنْهَاكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا الْإِصْلَاحَ مَا اسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِي إِلَّا بِاللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ88

අහෝ මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී තවද ඔහු විසින් යහපත් පෝෂණය ඔහු මා වෙත පිරිනමා තිබිය දී නුඹලා ඒ ගැන කුමක් සිතන්නෙහු ද? මා නුඹලාට කවර දෙයක් තහනම් කළේ ද එයින් බැහැර ව නුඹලාට විරුද්ධ ව කටයුතු කිරීමට මම අපේක්ෂා නොකරමි. මට හැකි පමණින් (සමාජය) විධිමත් කිරීම මිස වෙනෙකක් මම බලාපොරොත්තු නොවෙමි. මාගේ පිළිගැනීම අල්ලාහ්ගෙන් මිස නැත. ඔහු වෙත මම (සියල්ල) භාර කළෙමි. තවද ඔහු වෙතට යොමු වෙමි.
11:89ජුස් 12 · පි. 232

وَيَا قَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِي أَنْ يُصِيبَكُمْ مِثْلُ مَا أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَالِحٍ ۚ وَمَا قَوْمُ لُوطٍ مِنْكُمْ بِبَعِيدٍ89

තවද අහෝ මාගේ ජනයිනි, මා සමග වූ භේදය නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ ඇති වූවක් මෙන් දෙයක් නුඹලාට ඇති වීම තරම් නුඹලා ව වැරදි කරුවන් බවට පත් නොකරත්වා තවද නුඹලා අතුරින් වූ ලූත්ගේ ජනයාට (සිදු වූ දඬුවම) ඈතක නොවේ.
11:90ජුස් 12 · පි. 232

وَاسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ ۚ إِنَّ رَبِّي رَحِيمٌ وَدُودٌ90

තවද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසු ව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අපරිමිත දයාන්විතය. සෙනෙහෙවන්තය.
11:91ජුස් 12 · පි. 232

قَالُوا يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِمَّا تَقُولُ وَإِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَاكَ ۖ وَمَا أَنْتَ عَلَيْنَا بِعَزِيزٍ91

අහෝ ෂුඅයිබ්, නුඹ පවසන දැයින් බොහෝමයක් අපට වැට හෙන්නේ නැත. තවද ඔබ ව අප අතර දුර්වලයකු සේ නියත වශයෙන්ම අපි දකිමු. තවද නුඹේ පවුලේ අය නොවී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. තවද නුඹ අප කෙරෙහි බලවතෙකු නොවේ යැයි ඔවුහු පැවසුවෝය.
11:92ජුස් 12 · පි. 232

قَالَ يَا قَوْمِ أَرَهْطِي أَعَزُّ عَلَيْكُمْ مِنَ اللَّهِ وَاتَّخَذْتُمُوهُ وَرَاءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّي بِمَا تَعْمَلُونَ مُحِيطٌ92

අහෝ මාගේ ජනයිනි, අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ පවුලේ අය ද? තවද නුඹලා ඔහු ව නුඹලාගේ පසුපසින් පිටපැත්තට ගත්තෙහුය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නාය‍.
11:93ජුස් 12 · පි. 232

وَيَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ سَوْفَ تَعْلَمُونَ مَنْ يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَمَنْ هُوَ كَاذِبٌ ۖ وَارْتَقِبُوا إِنِّي مَعَكُمْ رَقِيبٌ93

අහෝ මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. නියත වශයෙන්ම මම ද කටයුතු කරමි. කවුරුන් වෙත අවමානය ගෙන දෙන දඬුවම පැමිණෙන්නේ දැයි ද බොරු පවසන්නා කවරෙකු දැයි ද නුඹලා මතු දැන ගනු ඇත. නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම නුඹලා සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.
11:94ජුස් 12 · පි. 232

وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَأَخَذَتِ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ94

අපගේ දඬුවම පැමිණි කල්හි අපි ෂුඅයිබ් හා ඔහු සමග විශ්වාස කළවුන් ව අපගේ ආශිර්වාදයෙන් අපි මුදවා ගත්තෙමු. තවද මහා හඬ අපරාධ කළවුන් ග්‍රහණය කළේය. එවිට ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට උදෑසන පත් වූහ.
11:95ජුස් 12 · පි. 232

كَأَنْ لَمْ يَغْنَوْا فِيهَا ۗ أَلَا بُعْدًا لِمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ95

ඔවුහු එහි වාසය නොකළාක් මෙනි. දැන ගනු. සමූද් ජනයා දුරස් වූවාක් මෙන් මද්යන් වාසීන් ද දුරස් වූහ.
11:96ජුස් 12 · පි. 232

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ96

තවද සැබැවින්ම අපි අපගේ වදන් හා පැහැදිලි සාධක සමග මූසා ව එව්වෙමු.
11:97ජුස් 12 · පි. 232

إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاتَّبَعُوا أَمْرَ فِرْعَوْنَ ۖ وَمَا أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ97

ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. නමුත් ඔවුහු ෆිර්අවුන්ගේ නියෝගය පිළිපැද්දාහ. ෆිර්අවුන්ගේ නියෝගය නිවැරදි (බුද්ධිමත්) එකක් නොවීය.
11:98ජුස් 12 · පි. 233

يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارَ ۖ وَبِئْسَ الْوِرْدُ الْمَوْرُودُ98

මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු ඔහුගේ ජනයාට පෙරමුණ ගනී. තවද ඔවුන් ව (නිරා) ගින්න වෙත ගෙන යයි. එසේ ගෙන යෑමත් ගෙන යනු ලබන ස්ථානයත් නපුරු විය.
11:99ජුස් 12 · පි. 233

وَأُتْبِعُوا فِي هَٰذِهِ لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ ۚ بِئْسَ الرِّفْدُ الْمَرْفُودُ99

තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුන් ලුහුබඳිනු ලැබීය. තවද ප්‍රදානය කරනු ලැබූ ප්‍රදානය නපුරු විය.
11:100ජුස් 12 · පි. 233

ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْقُرَىٰ نَقُصُّهُ عَلَيْكَ ۖ مِنْهَا قَائِمٌ وَحَصِيدٌ100

මේවා පුරාණ ගම්වාසීන්ගේ පුවත් අතුරිනි. අපි නුඹ වෙත ඒවා කියවා පෙන්වන්නෙමු. එයින් ශේෂ ව පවතින දෑ ද මුලිනුපුටා දමනු ලැබූ දෑද ඇත.
11:101ජුස් 12 · පි. 233

وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِنْ ظَلَمُوا أَنْفُسَهُمْ ۖ فَمَا أَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِنْ دُونِ اللَّهِ مِنْ شَيْءٍ لَمَّا جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ101

අපි ඔවුනට අපරාධ නොකළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්හ. නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි කල්හි අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් අයැද සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් නොවීය. ඔවුහු අලාභ හානිය මිස වෙනෙකක් ඔවුනට වර්ධනය නොකළෝය.
11:102ජුස් 12 · පි. 233

وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَا أَخَذَ الْقُرَىٰ وَهِيَ ظَالِمَةٌ ۚ إِنَّ أَخْذَهُ أَلِيمٌ شَدِيدٌ102

ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය ඔහු ග්‍රහණය කළ විට නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය එලෙසය. නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගතය.
11:103ජුස් 12 · පි. 233

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِمَنْ خَافَ عَذَابَ الْآخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌ مَجْمُوعٌ لَهُ النَّاسُ وَذَٰلِكَ يَوْمٌ مَشْهُودٌ103

නියත වශයෙන්ම මතු ලොවෙහි දඬුවමට බිය වන්නන්හට එහි සංඥාවක් ඇත. එය ජනයා එක් රැස් කරනු ලබන දිනයකි. තවද එය සාක්ෂි පවසනු ලබන දිනයකි.
11:104ජුස් 12 · පි. 233

وَمَا نُؤَخِّرُهُ إِلَّا لِأَجَلٍ مَعْدُودٍ104

නියමිත කාලයකට මිස අපි එය ප්‍රමාද නොකරන්නෙමු.
11:105ජුස් 12 · පි. 233

يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِ ۚ فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ105

එය පැමිණෙන දින කිසිදු ආත්මයක් ඔහුගේ අවසරයෙන් තොර ව කතා නොකරයි. ඔවුන් අතර අභාග්‍යවන්තයා ද භාග්‍යවන්තයා ද සිටියි.
11:106ජුස් 12 · පි. 233

فَأَمَّا الَّذِينَ شَقُوا فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ106

අභාග්‍යවන්තයින් වූ කලී (ඔවුන්) නිරයෙහිය. ඔවුනට එහි කෙඳිරි ගෑම හා මොර දීම ඇත.
11:107ජුස් 12 · පි. 233

خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ إِلَّا مَا شَاءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌ لِمَا يُرِيدُ107

අහස් හා මහපොළොව පවතින තාක්කල් ඔවුන් එහි සදාතනිකයින්ය. නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහු සිතන දෑ සිදු කරන්නාය.
11:108ජුස් 12 · පි. 233

۞ وَأَمَّا الَّذِينَ سُعِدُوا فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ إِلَّا مَا شَاءَ رَبُّكَ ۖ عَطَاءً غَيْرَ مَجْذُوذٍ108

භාග්‍ය ලැබූවන් වූ කලී (ඔවුන් ස්වර්ග) උයන් තුළය. අහස් හා මහපොළොව පවතින තාක්කල් (ඔවුන්) එහි සදාතනිකයින්ය. නමුත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. එය නොකැඩෙන පිරිනැමීමක් වශයෙනි.
11:109ජුස් 12 · පි. 234

فَلَا تَكُ فِي مِرْيَةٍ مِمَّا يَعْبُدُ هَٰؤُلَاءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ آبَاؤُهُمْ مِنْ قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنْقُوصٍ109

එබැවින් (නබිවරය,) මොවුන් ගැතිකම් කරන දෑ පිළිබඳ සැකයෙහි නුඹ නොසිටිනු. මීට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් ගැතිකම් කරන්නාක් මෙන් මිස ඔවුන් ගැතිකම් නොකරති. සැබැවින්ම අපි ඔවුන්ගේ කොටස කිසිදු අඩුවකින් තොර ව පිරිනමන්නන් වෙමු.
11:110ජුස් 12 · පි. 234

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِنْهُ مُرِيبٍ110

තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. නමුත් එහි මත භේදයට පත් වන ලදී. නුඹගේ පරමාධිපතිගෙන් පෙරටු වූ වදනක් නොවී නම් ඔවුන් අතර තීන්දු දෙනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම ඔවුන් ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරන්නා වූ සැකයෙහි වෙති.
11:111ජුස් 12 · පි. 234

وَإِنَّ كُلًّا لَمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَالَهُمْ ۚ إِنَّهُ بِمَا يَعْمَلُونَ خَبِيرٌ111

තවද නියත වශයෙන්ම සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්‍රියාවන්ට නුඹගේ පරමාධිපති ඔවුනට පූර්ණ ව (ප්‍රතිඵල) දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු ඔවුන් කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
11:112ජුස් 12 · පි. 234

فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَنْ تَابَ مَعَكَ وَلَا تَطْغَوْا ۚ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ112

නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ හා නුඹ සමග පශ්චාත්තාප වී යොමු වූවන් ස්ථාවර ව සිටිනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
11:113ජුස් 12 · පි. 234

وَلَا تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ثُمَّ لَا تُنْصَرُونَ113

තවද නුඹලා අපරාධ කළවුන් වෙත නැඹුරු නොවනු. එවිට (නිරා) ගින්න නුඹලා ව ස්පර්ශ කරනු ඇත. අල්ලාහ්ගෙන් තොර ව භාරකරුවන් කිසිවකු නුඹලාට නොමැත. පසු ව නුඹලා උදව් කරනු නොලබන්නෙහුය.
11:114ජුස් 12 · පි. 234

وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ ۚ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّاكِرِينَ114

දහවල් දෙකෙළවරෙහි හා රාත්‍රියෙන් කොටසක නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. නියත වශයෙන්ම දැහැමි දෑ නපුරු දෑ පහ කර දමයි. එය මෙනෙහි කරන්නන්හට මෙනෙහි කිරීමකි.
11:115ජුස් 12 · පි. 234

وَاصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ115

තවද නුඹ ඉවසා දරා ගනු. නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරනු ඇත.
11:116ජුස් 12 · පි. 234

فَلَوْلَا كَانَ مِنَ الْقُرُونِ مِنْ قَبْلِكُمْ أُولُو بَقِيَّةٍ يَنْهَوْنَ عَنِ الْفَسَادِ فِي الْأَرْضِ إِلَّا قَلِيلًا مِمَّنْ أَنْجَيْنَا مِنْهُمْ ۗ وَاتَّبَعَ الَّذِينَ ظَلَمُوا مَا أُتْرِفُوا فِيهِ وَكَانُوا مُجْرِمِينَ116

ඔබලාට පෙර සිටි පරම්පරාවන් අතුරින් මහපොළොවේ කලහකම් වළක්වාලන බුද්ධිමතුන් සිටිය යුතු නොවේ ද? නමුත් ඔවුන්ගේ අපි මුදවාගත් ඇතැමුන් හැර. අපරාධ කළවුන් ඔවුන් කවර දෙයක සැප විඳිනු ලැබුවේද එය පිළිපදිමින් සිටියහ. තවද ඔවුහු වැරදිකරුවන් බවට පත් වූහ.
11:117ජුස් 12 · පි. 234

وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ الْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا مُصْلِحُونَ117

අපරාධ කරමින් සිටි ගමක් එහි වැසියන් ප්‍රතිසංවිධායකයින් ලෙස සිටිය දී එය අල්ලාහ් විනාශ නොකරයි.
11:118ජුස් 12 · පි. 235

وَلَوْ شَاءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ118

නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් සියලු ජනයා එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. ඔවුහු භේද ඇති කර ගන්නවුන් ලෙසම සිටිති.
11:119ජුස් 12 · පි. 235

إِلَّا مَنْ رَحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ119

නමුත් නුඹගේ පරමාධිපති ආශිර්වාද කළ අය හැර. තවද ඒ වෙනුවෙන්ම ඔහු ඔවුන් ව මැව්වේය. තවද ‘ජින්නුන් හා මිනිසුන් අතුරින් වූ දෙපිරිසගෙන් නිරය පුරවන්නෙමි යන නුඹගේ පරමාධිපතිගේ වදන පූර්ණවත් විය.
11:120ජුස් 12 · පි. 235

وَكُلًّا نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ ۚ وَجَاءَكَ فِي هَٰذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ120

ධර්ම දූතයින්ගේ පුවත් අතුරින් නුඹ වෙත අප දන්වා සිටි සියල්ල එය එමගින් නුඹගේ හදවත් ස්ථාවර කිරීමටය. මෙහි සත්‍යය ද දේව විශ්වාසවන්තයින් සඳහා වූ උපදෙස හා මෙනෙහි කිරීම ද නුඹ වෙත පැමිණ ඇත.
11:121ජුස් 12 · පි. 235

وَقُلْ لِلَّذِينَ لَا يُؤْمِنُونَ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَامِلُونَ121

නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට ක්‍රියා කරනු. සැබැවින්ම අප ද ක්‍රියා කරන්නන් වෙමු යැයි විශ්වාස නොකරන්නන්හට (නබිවරය) නුඹ පවසනු.
11:122ජුස් 12 · පි. 235

وَانْتَظِرُوا إِنَّا مُنْتَظِرُونَ122

තවද නුඹලා බලාපොරොත්තු වෙන් සිටිනු. නියත වශයෙන්ම අපි ද බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු.
11:123ජුස් 12 · පි. 235

وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ الْأَمْرُ كُلُّهُ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ123

අහස් හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතුය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ ඔහු වෙතටමය. එබැවින් නුඹ ඔහුට ගැතිකම් කරනු. තවද ඔහු වෙත සියල්ල භාර කරනු. නුඹගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ ව අනවධානියෙකු නොවේ.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න