සූරා 11 · ජුස් 12
Hud · 11:121
وَقُلْ لِلَّذِينَ لَا يُؤْمِنُونَ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَامِلُونَ
නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට ක්රියා කරනු. සැබැවින්ම අප ද ක්රියා කරන්නන් වෙමු යැයි විශ්වාස නොකරන්නන්හට (නබිවරය) නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! අල්ලාහ් ව විශ්වාස නොකරන, ඔහුගේ ඒකීයත්වය පිළි නොගන්නා අයට නුඹ මෙසේ පවසනු. "සත්යයට පිටු පා එය වළක්වාලමින් නුඹලාගේ මාර්ගයේ නුඹලා කටයුතු කරනු. සැබැවින්ම අපි ඒ මත ස්ථාවරව සිට ඒ වෙත ඇරයුම් කරමින් හා ඉවසා දරා ගනිමින් අපි අපේ මාර්ගයේ කටයුතු කරන්නෙමු."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න