සූරා 11 · ජුස් 12
Hud · 11:42
وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَىٰ نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَبْ مَعَنَا وَلَا تَكُنْ مَعَ الْكَافِرِينَ
තවද ඔවුන් රැගෙන කඳු මෙන් වූ රළ අතර එය ගමන් ගත්තේය. නූහ් තම පුතණුවන් ඇමතුවේය. ඔහු (නැවෙන්) බැහැර ව සිටියේය. ‘මාගේ පුතණුවනි, අප සමග ඔබත් නැවට ගොඩවනු. තවද ඔබ දේව ප්රතික්ෂේපකයින් සමග නොවනු.
තෆ්සීර්
කඳු මෙන් වූ විශාල රළ පහර අතරින් එහි සිටින ජනයා හා වෙනත් දෑ රැගෙන නැව යාත්රා කළේය. පිය සෙනෙහස හේතුවෙන් ඔහුගේ දෙවියන් ප්රතික්ෂේප කළ පුතණුවන්ට ද නූහ් (අලයිහිස් සලාම්) තුමා ඇමතුවේය. ඔහු තම පියාගෙන් හා තම සමූහයාගෙන් වෙන් ව එක් ස්ථානයක තනිව සිටියේය. "මාගේ පුතණුවනි! ගිලී යාමෙන් මිදීම සඳහා ඔබ අප සමග නැවට ගොඩ වනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නුඹ නොවනු. එවිට ගිලී යාමෙන් ඔවුනට අත් වූ විනාශය ඔබට ද අත්වනු ඇත."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න