සූරා 11 · ජුස් 12
Hud · 11:44
وَقِيلَ يَا أَرْضُ ابْلَعِي مَاءَكِ وَيَا سَمَاءُ أَقْلِعِي وَغِيضَ الْمَاءُ وَقُضِيَ الْأَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ ۖ وَقِيلَ بُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ
අහෝ මහපොළොව, ඔබේ ජලය ඔබ ගිල ගනු. අහෝ අහස, ඔබ (වැසි) නතර කරනු යැයි කියනු ලැබීය. ජලය අඩු වී ගියේය. නියෝගය තීන්දු විය. එය (නැව) ජූද් කන්ද මත රැඳිණ. අපරාධකාරී ජනයා දුරස් වේවා යැයි කියනු ලැබීය.
තෆ්සීර්
ජල ගැල්ම නතර වූ පසු ව අල්ලාහ් මහපොළොව දෙස බලා: "අහෝ මහපොළොව! නුඹ මත තිබෙන ජලය නුඹ ගිල ගනු." යැයි ද අහස දෙස බලා, "අහෝ අහස! නුඹ රඳවා ගනු. වර්ෂාව පහළ නොකරනු" යැයි ද පැවසීය. මහපොළොව වියැළෙන තෙක්ම ජලය අඩු විය. ප්රතික්ෂේප කළවුන් අල්ලාහ් විනාශ කළේය. නැව ජූදී නම් කන්ද මත නතර විය. පසුව "දෙවියන් ප්රතික්ෂේප කරමින් ඔහුගේ සීමාවන් උල්ලංඝණය කළ ජනයාට විනාශයක්ම වේවා" යැයි පවසනු ලැබීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න