සූරා 11 · ජුස් 12
Hud · 11:45
وَنَادَىٰ نُوحٌ رَبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابْنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنْتَ أَحْكَمُ الْحَاكِمِينَ
(එවිට) නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මාගේ පුතණුවන් මාගේම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන්ම ඔබගේ ප්රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතුරින් මහා තීරකය යැයි ප්රාර්ථනා කළේය.
තෆ්සීර්
නූහ් (අලයිහිස් සලාම්) තුමා ඉතා බැගෑපත් ව තම පරමාධිපතියාණන් අමතා, "මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ පුතනුවන් ද ආරක්ෂා කරනු ලබන මෙන් ප්රතිඥා දුන් මාගේම පවුලේ කෙනෙකි. සැබැවින්ම නුඹේ ප්රතිඥාව කිසිදු කඩ කිරීමක් නැති සැබෑ ප්රතිඥාවකි. තීන්දු කරන්නන් අතර නුඹ ඉතා සාධාරණනීයය. එමෙන්ම ඔවුනට වඩා නුඹ මැනවින් දන්නාය." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න