සූරා 11 · ජුස් 12
Hud · 11:46
قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ ۖ فَلَا تَسْأَلْنِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۖ إِنِّي أَعِظُكَ أَنْ تَكُونَ مِنَ الْجَاهِلِينَ
අහෝ නූහ්, නියත වශයෙන්ම ඔහු නුඹගේ පවුලෙන් කෙනෙකු නොවේ. නියත වශයෙන්ම ඔහු දැහැමිභාවයෙන් තොර ව ක්රියා කළ අයෙකි. එබැවින් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුමක් නොමැත්තේ ද එය මගෙන් නුඹ නොඉල්ලනු. නියත වශයෙන්ම නුඹ අඥානයින් අතුරින් වීම ගැන මම නුඹට උපදෙස් දෙමි යැයි ඔහු පැවසීය.
තෆ්සීර්
අල්ලාහ් නූහ් අමතා, "අහෝ නූහ්! මුදවා ගන්නැයි නුඹ මගෙන් ඉල්ලා සිටි නුඹගේ පුතණුවන් සැබැවින්ම නුඹේ පවුලෙන් ආරක්ෂා කරන බවට මම නුඹට ප්රතිඥා දුන් අය අතරින් කෙනෙකු නොවීය. සැබැවින්ම ඔහු දෙවියන් ප්රතික්ෂේප කළ අයෙකි. අහෝ නූහ්! නුඹේ මේ ඉල්ලීම නුඹට නොගැළපෙන එකකි. නුඹේ ස්ථානයේ සිටින්නන් හට සුදුසු නොවන්නකි. එහෙයින්, නුඹට කිසිදු දැනුමක් නැති දෙයක් නුඹ මගෙන් ඉල්ලා නොසිටිනු. සැබැවින්ම නුඹ අඥානයින් අතරට පත් වීම ගැන මම අවවාද කරමි. මාගේ දැනුමට හා මාගේ ප්රඥාවට විරුද්ධ නොවන දෑ නුඹ මගෙන් ඉල්ලා සිටිනු’ යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න