සූරා 11 · ජුස් 12
Hud · 11:8
وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَىٰ أُمَّةٍ مَعْدُودَةٍ لَيَقُولُنَّ مَا يَحْبِسُهُ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
නියමිත කාල පරිච්ඡේදයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ප්රමාද කළේ නම් ‘එය වැළෙක්වූයේ කිමෙක්දැ?’යි ඔවුහු පවසනු ඇත. දැන ගනු. ඔවුන් වෙත එය පැමිණෙන දින ඔවුන්ගෙන් එය වෙනතකට හරවා යවනු ලබන කිසිවක් නොමැත. ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් ව වට කර ගනී.
තෆ්සීර්
දෙවියන්ට ආදේශ තබන්නන්ගෙන් මෙලොව ජීවිතයේ දී ඔවුනට නියම වූ දඬුවම නියමිත කාලයක් දක්වා අපි ප්රමාද කළේ නම්, එය ඉක්මන් කරන මෙන් පතමින් හාස්යයට ගෙන, "අපගෙන් දඬුවම නවතාලීයේ කුමක්දැ?"යි විමසති. දැනගනු. ඒ සඳහා ඔවුනට නියම වූ දඬුවම අල්ලාහ් වෙත ඇත. එය ඔවුනට පැමිණෙන දින ඔවුන්ගෙන් එය හරවා යවන්නට කිසිදු හැරවුම්කරුවෙක් ඔවුන් නොලබනු ඇත. ඔවුනට එය සිදු වන්නේමය. ඔවුන් සරදමට හා හාස්යයට ලක් කරමින් ඔවුන් ඉක්මන් කරන මෙන් පැතූ දඬුවම ඔවුන් ආවරණය කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න