සූරා 11 · ජුස් 12
Hud · 11:9
وَلَئِنْ أَذَقْنَا الْإِنْسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ
මිනිසාට අපි අපගෙන් වූ දයාවක් භුක්ති විඳින්නට සලස්වා පසු ව අපි එය ඔහුගෙන් ඉවත් කළේ නම් නියත වශයෙන්ම ඔහු බලාපොරොත්තු සුන් වූ දැඩි ලෙස ප්රතික්ෂේප කරන ගුණමකුවෙකි.
තෆ්සීර්
පොහෝසත්කමේ හා සුවයේ ආශිර්වාදය වැනි ආශිර්වාදයක් අපි මිනිසාට පිරිනමා පසු ව ඔහුගෙන් එම ආශිර්වාදය ඉවත් කළ විට සැබැවින්ම ඔහු අධික ලෙස අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් වී ඔහුට පිරිනැමූ ආශිර්වාදය මහත් සේ ප්රතික්ෂේප කරනු ඇත. අල්ලාහ් ඔහුගෙන් එය වැළැක් වූ විට ඒ ගැන අමතක කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න