සූරා 11 · ජුස් 12
Hud · 11:27
فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا نَرَاكَ إِلَّا بَشَرًا مِثْلَنَا وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلَّا الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِنْ فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَ
එවිට ‘නුඹ අප මෙන් මිනිසෙකු ලෙසින් මිස අපි නුඹ ව නොදකිමු. එමෙන්ම අපට වඩා පහත් ගම්බද අදහස් ඇති අය හැර වෙනත් කිසිවකු නුඹ ව අනුගමනය කරන බව ද අපි නොදකිමු. තවද අපට වඩා ශ්රෙෂ්ඨත්වයක් නුඹලාට ඇතැයි ද අපි නොසිතමු. නුඹලා මුසාවාදීන් බව අපි සිතන්නෙමු’ යැයි ඔහුගේ ජනයා අතුරින් ප්රතික්ෂේප කළ ප්රධානීහු පැවසූහ.
තෆ්සීර්
ඔහුගේ සමූහයා අතර සිටි දේවත්වය ප්රතික්ෂේප කළ ප්රභූවරුන් හා ප්රධානීහු ඔහු දෙස බලා, “සැබැවින්ම අපට වඩා අමතර දෙයක් ඔබට නොමැති බැවින් ඔබේ ඇරයුමට අපි කිසිවිටෙක පිළිතුරු නොදෙමු. ඔබ අප මෙන් මිනිසෙකු පමණි. එමෙන්ම අප මෙතෙක් දුටු පරිදි අපට මතු වූ දෑ අනුව, අපට වඩා පහත් අය මිස වෙනත් කිසිවකු නුඹ ව පිළිපදිනු අපි දැක නැත. අපි නුඹව පිළිපදින තරමට නුඹලා බල ගන්වන අමතර ධනය, ශ්රේෂ්ඨත්වය හෝ කීර්තිය නුඹලාට නැත. නුඹලා ඇරයුම් කරන දෑහි නුඹලා බොරුකාරයින් ලෙස අපි නුඹලා ව දකිමු” යැයි පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න