සූරා 11 · ජුස් 12

Hud · 11:20

أُولَٰئِكَ لَمْ يَكُونُوا مُعْجِزِينَ فِي الْأَرْضِ وَمَا كَانَ لَهُمْ مِنْ دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ۘ يُضَاعَفُ لَهُمُ الْعَذَابُ ۚ مَا كَانُوا يَسْتَطِيعُونَ السَّمْعَ وَمَا كَانُوا يُبْصِرُونَ

ඔවුහු මහපොළොවේ (අල්ලාහ්ගේ දඬුවමින් මිදීමට) හැකියාවන්තයින් නොවූහ. අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාරකරුවන් ඔවුනට නොවීය. ඔවුනට එම දඬුවම දෙගුණ කර දෙනු ලැබේ. ඔවුහු සවන් දෙන්නට ශක්තිය දරන්නන් නොවූහ. එමෙන්ම බලන්නන් ද නොවූහ.

තෆ්සීර්

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් වනාහි, මිහිතලයේ අල්ලාහ්ගේ දඬුවම ඔවුන්හට පහළ වූ විට ඉන් පැන යන්නට ශක්තිය නොදැරුවෝය. අල්ලාහ්ගෙන් තොර ව ඔහුගේ දඬුවම වළක්වන උදවු කරුවන් හෝ මිත්ර පාක්ෂිකයින් හෝ ඔවුනට නැත. අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් ද හැරී සෙස්සන් එයින් හරවා යැවූ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ දඬුවම තවත් වැඩි වනු ඇත. ඔවුන් දැඩි සේ සත්යයට පිටු පෑ හේතුවෙන් සත්යය හා මඟපෙන්වීම එය පිළිගන්නා පරිදි එයට සවන් දෙන්නට ඔවුහු සමත් නොවූහ. එමෙන්ම ඔවුනට සෙත සලසන, විශ්වයේ පවතින අල්ලාහ්ගේ සංඥාවන් දෑසින් දැක වටහා ගන්නට ද සමත් නොවූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න