සූරා 11 · ජුස් 12
Hud · 11:115
وَاصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ
තවද නුඹ ඉවසා දරා ගනු. නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන්ගේ ප්රතිඵල නිෂ්ඵල නොකරනු ඇත.
තෆ්සීර්
ධර්මිෂ්ටකම හා නුඹට නියෝග කරනු ලැබූ වෙනත් දෑ ඉටු කිරීමෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. එමෙන්ම නුඹට තහනම් කරනු ලැබූ අන්ධකාරය වෙත රුකුල් දෙන නපුරු බලවේගයන් අතහැර දමනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන්ගේ කුසල් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන් විධිමත්ව සිදු කරන ක්රියාවන් ඔහු ඔවුන්ගෙන් පිලිගනී. ඔහු සිදුකළ දැහැමි ක්රියාවන් සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට ඔහු පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න