සූරා 11 · ජුස් 12
Hud · 11:73
قَالُوا أَتَعْجَبِينَ مِنْ أَمْرِ اللَّهِ ۖ رَحْمَتُ اللَّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ ۚ إِنَّهُ حَمِيدٌ مَجِيدٌ
අල්ලාහ්ගේ නියෝගය සම්බන්ධ යෙන් නුඹ පුදුම වන්නෙහි ද? අල්ලාහ්ගේ ආශිර්වාදය හා භාග්යය නිවැසියන් වන නුඹලා සතු වේවා නියත වශයෙන්ම ඔහු ප්රශංසා ලාභීය. අති කීර්තිමත්ය.
තෆ්සීර්
ශුභාරංචිය ගැන සාරා තුමිය පුදුමයට පත් වූ කල්හි මලක්වරුන් ඇයට මෙසේ පැවසූහ, "අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ නියමය ගැන ඔබ පුදුමයට පත්වන්නී ද? ඔබේ මේ සිද්ධිය සැබැවින්ම මෙවන් දෙයක් කිරීමට අල්ලාහ්ට බලය ඇති බව සැඟවී යන්නේ නැත. ඉබ්රාහීම්ගේ නිවැසියනි ඔබට අල්ලාහ්ගේ ආශිර්වාදය හා සමෘද්ධිය අත්වේවා! සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගුණයේ හා ඔහුගේ ක්රියාවෙහි ප්රශංසාලාබීය. කීර්තිමත් මෙන්ම උත්තරීතරය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න