සූරා 11 · ජුස් 12
Hud · 11:74
فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَاهِيمَ الرَّوْعُ وَجَاءَتْهُ الْبُشْرَىٰ يُجَادِلُنَا فِي قَوْمِ لُوطٍ
ඉබ්රාහීම්ගෙන් බිය පහ ව ගොස් (දරුවන් සම්බන්ධයෙන් වූ) ශුභාරංචි ඔහු වෙත පැමිණි කල්හි ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් ඔහු අප සමග වාද කළේය.
තෆ්සීර්
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා පිළිගැන්වූ ආහාරය අනුභව නොකළ ඔහුගේ ආගන්තුකයින් සැබැවින්ම මලක්වරුන් යැයි දැනගත් පසු ඇති වූ බිය පහ ව යාමෙන් සාරා ඉස්හාක්ව බිහි කරන්නට යන බවත් පසුව යඃකූබ්ගේ උපතත් ගැන තොරතුරුත් පැමිණීමෙන් පසු ව ඔහු අපගේ දූතවරුන් සමග ලූත්ගේ ජනයාගේ සම්බන්ධයෙන්, ඔවුන්ගෙන් දඬුවම ප්රමාද කරන්නේ ද ලූත් හා ඔහුගේ නිවැසියන් මුදවා ගන්නේ ද යනාදී තර්කයෙහි නිරත විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න