සූරා 11 · ජුස් 12
Hud · 11:40
حَتَّىٰ إِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ ۚ وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌ
අවසානයේ අපගේ නියෝගය පැමිණ උදුනින් උතුරා ගිය විට එහි දෙදෙනෙකුගෙන් යුත් සෑම ජෝඩුවක් බැගින් ද තවද (දඬුවමේ) වදන කවුරුන් වෙත පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ සෙසු උදවිය ද විශ්වාස කළවුන් ද නැවට නංවා ගනුයි අපි පැවසුවෙමු. ඔහු සමග ස්වල්ප දෙනෙකු මිස විශ්වාස නොකළෝය.
තෆ්සීර්
නැව තනන්නට අල්ලාහ් නියෝග කළ පරිදි නූහ් (අලය්හිස් සලාම්) තුමා නැව සාදා අවසන් කළේය. අවසානයේ නුඹලා විනාශ කිරීමේ අපගේ නියෝගය පැමිණියේය. මහා ජල ගැල්මක ආරම්භය සනිටුහන් කරමින් ඔවුන් පිසිමින් සිටි ලිප්වලින් ජලය උතුරා ගලන්නට පටන් ගත්තේය. එවිට අපි නූහ් (අලය්හිස් සලාම්)ට මෙසේ පවසා සිටියෙමු. "මහපොළොවේ වෙසෙන සත්වයින් අතර ගැහැණු පිරිමි ජෝඩුවක් බැගින් නැව තුළට නංවා ගනු. නුඹේ පවුල අතරද ඇතැමුන් විශ්වාස නොකළ බැවින් ගිලිය යුතු යැයි තීන්දු කරනු ලැබූවන් හැර සෙසු පවුලේ උදවිය ද නංවා ගනු. එමෙන්ම නුඹගේ ජනයා අතර නුඹ සමග සිටි විශ්වාස කළවුන් ද නංවා ගනු" යැයි පැවසුවෙමු. අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ඔහු ඔවුන් ඇරයුම් කරමින් රැඳී සිටි දිගු කාලය තුළ, ඔහුගේ සමූහයා අතරින් ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් සිටියේ සුළු පිරිසක් පමණය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න