සූරා 11 · ජුස් 12
Hud · 11:76
يَا إِبْرَاهِيمُ أَعْرِضْ عَنْ هَٰذَا ۖ إِنَّهُ قَدْ جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ آتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ
අහෝ ඉබ්රාහීම්, ඔබ මෙයින් වැළකෙනු. සැබැවින්ම ඔබගේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. තවද නියත වශයෙන්ම ඔවුන් වෙත ප්රතික්ෂේප කළ නොහැකි දඬුවමක් පැමිණ ඇත.
තෆ්සීර්
මලක්වරුන් මෙසේ පැවසූහ. "අහෝ ඉබ්රාහීම්! ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් වූ තර්කය ඔබ අතහැර දමනු. ඔවුනට අල්ලාහ් නියම කළ දඬුවම සිදුවීම ගැන නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. ලූත්ගේ ජනයා වෙත අතිමහත් දඬුවමක් පැමිණීම නියතය. කිසිදු තර්කයකින් හෝ ප්රාර්ථනාවකින් එය වැළැක්විය නොහැක.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න