සූරා 11 · ජුස් 12
Hud · 11:84
۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ وَلَا تَنْقُصُوا الْمِكْيَالَ وَالْمِيزَانَ ۚ إِنِّي أَرَاكُمْ بِخَيْرٍ وَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ مُحِيطٍ
මද්යන් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිඳු දෙවියකු නොමැත. කිරුම් හා මිනුම් වල අඩු නොකරනු. නියත වශයෙන්ම මම නුඹලාට යහපතම දකිමි. තවද නියත වශයෙන්ම මම සියල්ල ග්රහණය කරන දිනයක දඬුවම නුඹලා වෙත ඇති වීම ගැන බිය වෙමි.
තෆ්සීර්
මද්යන් වාසීන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමා ව එව්වෙමු. එතුමා, "මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කර ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙක් නැත. මිනිසුනට නුඹලා කිරා දෙන විට හෝ මැණ දෙන විට එම ප්රමාණයෙහි අඩු නොකරනු. පෝෂණයෙන් හා සම්පතින් සමෘද්ධිමත් තත්ත්වයක මම නුඹලා ව දකිමි. අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙනුවට පාපකම් සිදු කිරීමෙන් නුඹලා එය වෙනස් කර නොගනු. නුඹලා අතරින් සෑම කෙනෙකුවම ආවරණය කරන දින නුඹලා මත දඬුවම පහළ වීම ගැන සැබැවින්ම මම බියවෙමි. ඉන් පලායෑමක් හෝ ආරක්ෂාවීමක් හෝ නුඹලා නොලබනු ඇත." යැයි පැවසුවේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න