සූරා 11 · ජුස් 12
Hud · 11:13
أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِعَشْرِ سُوَرٍ مِثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය ) නුඹ පවසනු. එසේ නම් නුඹලා ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් ගෙන එනු. තවද නුඹලා සත්යවාදීන් ව සිටියෙහු නම්, අල්ලාහ්ගෙන් තොර ව (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.
තෆ්සීර්
එසේ නැතහොත්, "අල් කුර්ආනය අල්ලාහ්ගෙන් වූ පණිවිඩයක් නොව, එය මුහම්මද් ගෙතුවේය" යැයි දෙවියන්ට ආදේශ තබන්නන් පවසන්නෝද? අහෝ දූතය! ඔවුනට අභියෝගයක් ලෙස මෙසේ විමසනු. "මෙම කුර්ආනය මෙන් ගොතන ලද පරිච්ඡේද දහයක් ගෙන එනු. සැබැවින්ම ගොතන ලද්දක් යැයි නුඹලා සිතන මෙම කුර්ආනය මෙන් සත්යය කිසිවක් එහි නුඹලා පිළිපැදිය නොහැක. සැබැවින්ම අල් කුර්ආනය ගොතන ලද්දක් යැයි නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීන් නම් නුඹලාට හැකි නම් ඒ සඳහා නුඹලාට සහය පිණිස උදව්කරුවන් ද ඇරයුම් කරනු."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න