සූරා 11 · ජුස් 12
Hud · 11:61
۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ هُوَ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَاسْتَعْمَرَكُمْ فِيهَا فَاسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوا إِلَيْهِ ۚ إِنَّ رَبِّي قَرِيبٌ مُجِيبٌ
තවද සමූද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. නුඹලා ව මහපොළොවෙන් බිහි කළේ ඔහුය. තවද එහි (පදිංචි වීමට) නුඹලාට ආයු කාලයක් දුන්නේය. එබැවින් නුඹලා ඔහුගෙන් සමාව ඉල්ලා පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති සමීපය. පිළිතුරු දෙන්නාය.
තෆ්සීර්
සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ව අපි එව්වෙමු. ඔහු, "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමද ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නුඹලාට නැත. මහපොළොවේ පසින් නුඹලාගේ පියාණන් ආදම් මවා පසුව ඔහුගෙන් නුඹලා ව ඔහු මැව්වේය. එහි පාලකයින් බවට ද නුඹලා ව ඔහු පත් කළේය. එහෙයින් නුඹලා ඔහුගෙන් සමාව අයැද සිටිනු. පසුව අවනතව කටයුතු කරමින් හා පාපකම් අතහැර දමමින් ඔහු වෙතට යොමු වනු. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුට අවංකව කටයුතු කරන්නන් හට ඉතා සමිපය. එවැන්නන්ගේ ප්රාර්ථනාව පිළිගන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න