සූරා 11 · ජුස් 12
Hud · 11:92
قَالَ يَا قَوْمِ أَرَهْطِي أَعَزُّ عَلَيْكُمْ مِنَ اللَّهِ وَاتَّخَذْتُمُوهُ وَرَاءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّي بِمَا تَعْمَلُونَ مُحِيطٌ
අහෝ මාගේ ජනයිනි, අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ පවුලේ අය ද? තවද නුඹලා ඔහු ව නුඹලාගේ පසුපසින් පිටපැත්තට ගත්තෙහුය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ප්රකාරයෙන් දන්නාය.
තෆ්සීර්
ෂුඅයිබ් තම ජනයාට, "අහෝ මාගේ ජනයිනි! මාගේ පවුලේ ඥාතීන් නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට වඩා නුඹලා ඉදිරියේ අති ගෞරවනීය හා සම්භාවනීය වන්නේ ද? නුඹලා වෙත ඔහු එවූ නබිවරයා ව නුඹලා විශ්වාස නොකළ අවස්ථාවේ නුඹලා අල්ලාහ්ව නුඹලාගේ පිටුපසට ඉවතලා දැමූහ. සැබැවින්ම මාගේ පරමාධිපති නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නාය. නුඹලාගේ ක්රියාවන් ඔහුහට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ප්රතිඵල වශයෙන් මෙලොවෙහිම නුඹලා වෙත විනාශය ගෙන දෙනු ඇත. එමෙන්ම මතුලොවෙහි ද දඬුවම ඇතැ"යි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න