සූරා 11 · ජුස් 12
Hud · 11:78
وَجَاءَهُ قَوْمُهُ يُهْرَعُونَ إِلَيْهِ وَمِنْ قَبْلُ كَانُوا يَعْمَلُونَ السَّيِّئَاتِ ۚ قَالَ يَا قَوْمِ هَٰؤُلَاءِ بَنَاتِي هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ فِي ضَيْفِي ۖ أَلَيْسَ مِنْكُمْ رَجُلٌ رَشِيدٌ
තවද ඔහුගේ ජනයා ඔහු වෙත (ඔවුන් සමග වැරදි ලෙස හැසිරීමට) වේගයෙන් පැමිණියහ. තවද මීට පෙරද ඔවුන් නපුරුකම් සිදුකරමින් පසු වූහ. මාගේ ජනයිනි, මේ මාගේ දූවරුන්ය. මොවුන් නුඹලාට අති පිවිතුරුය. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. මාගේ ආගන්තුකයින් අතර මා අවමානයට පත් නොකරනු. යහ මග ලැබූ කිසිදු (බුද්ධිමත්) මිනිසෙකු නුඹලා අතුරින් නොවේ දැයි ඔහු විමසුවේය.
තෆ්සීර්
ලූත්ගේ ජනයා තම ආගන්තුකයින් සමග අශීලාචාර ලෙස හැසිරෙන්නට සිතා යුහුසුළුව ලූත් වෙත පැමිණියෝය. මීට පෙර ද තම කාමුක ආශාවන් කාන්තාවන්ගෙන් නොව පිරිමින්ගෙන් සංසිදුවා ගැනීම ඔවුන්ගේ සිරිත විය. ලූත් තුමා තම ආගන්තුකියින් ඉදිරියේ තම ජනයා වළක්වාලමින් හා තමන් වෙනුවෙන් සමාව ඉල්ලමින්, "මේ නුඹලාගේ කාන්තාවන් අතර සිටින මගේ දූවරුන් විවාහ කර ගනු. මෙම අශීලාචාර ක්රියාවට වඩා ඔවුන් නුඹලාට පිවිතුරුය. එහෙයින් නුඹලා අල්ලාහ් ගැන බියවනු. මාගේ ආගන්තුකයන් අතර නුඹලා මා ලැජ්ජාවට පත් නොකරනු. අහෝ ජනයිනි! මේ පිලිකුල් සහගත ක්රියාවෙන් නුඹලා වළක්වන ඍජු බුද්ධිමත් මිනිසෙකු නුඹලා අතර නොමැත්තේද?" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න