සූරා 11 · ජුස් 12
Hud · 11:94
وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَأَخَذَتِ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ
අපගේ දඬුවම පැමිණි කල්හි අපි ෂුඅයිබ් හා ඔහු සමග විශ්වාස කළවුන් ව අපගේ ආශිර්වාදයෙන් අපි මුදවා ගත්තෙමු. තවද මහා හඬ අපරාධ කළවුන් ග්රහණය කළේය. එවිට ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට උදෑසන පත් වූහ.
තෆ්සීර්
ෂුඅයිබ්ගේ ජනයා විනාශ කරන මෙන් වූ අපගේ නියෝගය පැමිණි කල්හි, අපි අපගේ කරුණා දයාවෙන් ෂුඅයිබ් හා ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් මුදවා ගත්තෙමු. ඔහුගේ ජනයා අතරින් අපරාධ කළවුනට විනාශකාරී බිහිසුණු හඬක් හට ගෙන ඔවුන් මරණයට පත් වූහ. ඔවුහු ඔවුන්ගේ මුහුණු පසට ඇලී මුණින් අතට වැටුණු අය මෙන් පත් වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න