සූරා 11 · ජුස් 12
Hud · 11:15
مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ
කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ ක්රියාවන් ඔවුනට එහි පූර්ණ ව පිරිනමමු. ඔවුහු එහි කප්පාදු කරනු නොලබන්නෝය.
තෆ්සීර්
කවරෙකු තමන් සිදු කරන ක්රියාවෙන් මතුලොව අපේක්ෂා නොකර මෙලොව ජීවිතය හා විනාශ වී යන එහි සුවය අපේක්ෂා කරන්නේ ද ඔවුන්ගේ ක්රියාවන් හි ප්රතිඵල ඔවුනට මෙලොවෙහිම අපි පිරිනමන්නෙමු. සැප සම්පත්හි සමෘද්ධියත්, ආරක්ෂාවත්, ආරෝග්යභාවයත් පිරිනමන්නෙමු. ඔවුන්ගෙන් ක්රියාවෙන් කිසිදු විපාකයක් අපි අඩු නොකරන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න