සූරා 11 · ජුස් 12
Hud · 11:57
فَإِنْ تَوَلَّوْا فَقَدْ أَبْلَغْتُكُمْ مَا أُرْسِلْتُ بِهِ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّي قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُ شَيْئًا ۚ إِنَّ رَبِّي عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ
නමුත් නුඹලා පිටුපෑවෙහු නම් (දැන ගනු) මා නුඹලා වෙත කවර කරුණක් සමග එවනු ලැබුවෙම් ද එය මා නුඹලා වෙත සැබැවින්ම දැන්වූයෙමි. තවද මාගේ පරමාධිපති නුඹලා නොවන පිරිසක් නියෝජිතයින් බවට පත් කරයි. නුඹලා ඔහුට කිසිවකින් හානි සිදු කළ නොහැක. නියත වශයෙන්ම මාගේ පරමාධිපති සියලු දෑ සුරක්ෂා කරන්නාය.
තෆ්සීර්
"මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද නුඹලා එය පිටුපා ඒ ගැන කුමන්ත්රණ කරන්නෙහු නම් දැන ගනු මා සතු වන්නේ නුඹලාට දැනුම් දීම පමණි. අල්ලාහ් කවර කරුණක් මා වෙත එව්වේ ද එමෙන්ම කවර කරුණක් දන්වා සිටින මෙන් මාහට නියෝග කළේ ද ඒ සියල්ල මම නුඹලාට දන්වා සිටියෙමි. නුඹලා වෙත සාධක ඇත. මාගේ පරමාධිපති නුඹලා විනාශ කොට නුඹලාගෙන් පසු ව නුඹලා නොවන තවත් පිරිසක් ගෙන එනු ඇත. නුඹලා කරන නුඹලාගේ බොරුවෙන් හෝ නුඹලාගේ පිටුපෑමෙන් ලොකු හෝ කුඩා නපුරක් නුඹලා විසින් අල්ලාහ්ට සිදු කළ නොහැක. හේතුව, සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ අවශ්යතාවන්ගෙන් තොර බැවිණි. සැබැවින්ම මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. නුඹලා කවර කරුණක් මට එරෙහි ව කුමන්ත්රණ කරන්නෙහු ද එවන් නපුරෙන් මා ආරක්ෂා කරනුයේ ඔහුය."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න