සූරා 11 · ජුස් 12
Hud · 11:110
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِنْهُ مُرِيبٍ
තවද සැබැවින්ම අපි මූසාට දේව ග්රන්ථය පිරිනැමුවෙමු. නමුත් එහි මත භේදයට පත් වන ලදී. නුඹගේ පරමාධිපතිගෙන් පෙරටු වූ වදනක් නොවී නම් ඔවුන් අතර තීන්දු දෙනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම ඔවුන් ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරන්නා වූ සැකයෙහි වෙති.
තෆ්සීර්
සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ජනයා එහි මතභේද ඇති කර ගත්තෝය. ඔවුන්ගෙන් පිරිසක් එය විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්රතික්ෂේප කළෝය. දඬුවම ඉක්මන් නොකරන බවටත් එය යම් කිසි ප්රඥාවක් මත මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ප්රමාද කරන බවටත් අල්ලාහ්ගේ නියමය ඉක්මන් නොවී නම් ඔවුනට උරුම වූ දඬුවම මෙලොවෙහිම ඔවුනට පහළ වනු ඇත. සැබැවින්ම යුදෙව්වන් හා දෙවියන්ට ආදේශ තබන්නන් අතර සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අල් කුර්ආනයෙහි සැකයක් ඇති බවට සැකයෙහි පසුවෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න