සූරා 11 · ජුස් 12
Hud · 11:69
وَلَقَدْ جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ ۖ فَمَا لَبِثَ أَنْ جَاءَ بِعِجْلٍ حَنِيذٍ
අපගේ දූතයින් ශුභාරංචි සමග ඉබ්රාහීම් වෙත පැමිණ ‘ශාන්තිය අත් වේවා’ යැයි පැවසූහ. ඔහු ද ‘ශාන්තිය අත් වේවා ’ යැයි පැවසුවේය. එවිට (ආගන්තුකයින් සඳහා) බැඳපු වසු පැටවෙකු ගෙන ඒමට (ඔහුට) වැඩි වේලාවක් ගත නොවීය.
තෆ්සීර්
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාට හා ඔහුගේ බිරියට ඉස්හාක් හා පසු ව යඃකූබ් ගැන ශුභාරංචි දන්වා සිටින්නන් ලෙස දේව දූතයින් මිනිස් හැඩයින් එතුමා වෙත පැමිණියෝය. එවිට දේව දූතයෝ, "ඔබට සලාම්" ශාන්තිය අත්වේවා යැයි පැවසුවෝය. ඔවුනට පිළිතුරු වශයෙන් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ද "සලාම්" ඔබලාටත් ශාන්තිය අත්වේවා යැයි පවසා පිටව ගොස් ඔවුන් මිනිසුන් යයි සිතූ බැවින් ඔවුනට අනුභව කිරීම සඳහා බදින ලද වසු පැටවෙකු ඔවුන් වෙත ගෙන ආවේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න