Al-Mulk

سورة الملك

සූරා 67 · මක්කා · 30 පද

67:1 · Al-Mulkජුස් 29 · පි. 562

تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ1

ආධිපත්‍යය තම අතෙහි ඇත්තා විභූතිමත් විය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
67:2ජුස් 29 · පි. 562

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ الْعَزِيزُ الْغَفُورُ2

ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතුරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය. තවද ඔහු සර්ව බලධාරීය. අතික්ෂමාශීලීය.
67:3ජුස් 29 · පි. 562

الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا ۖ مَا تَرَىٰ فِي خَلْقِ الرَّحْمَٰنِ مِنْ تَفَاوُتٍ ۖ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَىٰ مِنْ فُطُورٍ3

ඔහු වනාහි අහස් (එකිනෙක උඩ පිහිටන සේ) තල වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පලුදු කිසිවක් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පලුද්දක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු.
67:4ජුස් 29 · පි. 562

ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنْقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ4

පසුවද නුඹ දෙමුරයක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතු ව යටහත් පහත් ව හැරෙනු ඇත.
67:5ජුස් 29 · පි. 562

وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ5

තවද සැබැවින්ම අපි මෙලොව අහස පහන් මගින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන්ට අස්ත්‍රයක් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු.
67:6ජුස් 29 · පි. 562

وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ الْمَصِيرُ6

එමෙන්ම තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය.
67:7ජුස් 29 · පි. 562

إِذَا أُلْقُوا فِيهَا سَمِعُوا لَهَا شَهِيقًا وَهِيَ تَفُورُ7

ඔවුන් එහි දමනු ලැබූ කල්හි ඔවුහු එහි (බූරු හඬ මෙන්) හුස්ම ගන්නා පිළිකුල් හඬකට සවන් දෙති. තවද එය උතුරමින් පවතී.
67:8ජුස් 29 · පි. 562

تَكَادُ تَمَيَّزُ مِنَ الْغَيْظِ ۖ كُلَّمَا أُلْقِيَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ8

එය කෝපයෙන් පිපිරෙන්නාක් මෙනි. එහි පිරිසක් දමනු ලැබූ සෑම විටකම “අවවාද කරන්නෙකු නුඹලා වෙත නොපැමිණියේ දැ?”යි එහි භාරකරුවෝ ඔවුන්ගෙන් විමසති.
67:9ජුස් 29 · පි. 562

قَالُوا بَلَىٰ قَدْ جَاءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللَّهُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ كَبِيرٍ9

“එසේය. අප වෙත අනතුරු අඟවන්නෙකු සැබැවින්ම පැමිණියේය. එවිට අපි බොරු යැයි පැවසුවෙමු තවද අල්ලාහ් කිසිදු දෙයක් පහළ කර නැත. නුඹලා මහත් වූ මුළාවේ මිස නැතැයි” අපි කීවෙමුයි ඔවුහු පවසති.
67:10ජුස් 29 · පි. 562

وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ10

අප සවන් දෙමින් හෝ අවබෝධ කර ගනිමින් සිටියෙමු නම් දැවෙන ගින්නේ සහකාරයින්ගෙන් අප නොවන්නෙමුයි ඔවුහු කියති.
67:11ජුස් 29 · පි. 562

فَاعْتَرَفُوا بِذَنْبِهِمْ فَسُحْقًا لِأَصْحَابِ السَّعِيرِ11

එවිට ඔවුහු තම වරද පිළිගනිති. එහෙයින් දැවෙන ගින්නේ සහකාරයින්ට ශාපය වේවා!
67:12ජුස් 29 · පි. 562

إِنَّ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ12

නියත වශයෙන්ම අදෘශ්‍යමානයෙහි තම පරමාධිපතිට බිය වන අය වනාහි ඔවුනට සමාව හා මහත් වූ තිළිණයක් ඇත.
67:13ජුස් 29 · පි. 563

وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ ۖ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ13

නුඹලාගේ ප්‍රකාශයන් රහසිගත ව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන්ම ඔහු සිත්හි ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
67:14ජුස් 29 · පි. 563

أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ14

(සියල්ල) මැවූ ඔහු (අභ්‍යන්තරය පිළිබඳ ව) නොදන්නේද? ඔහු සියුම් ඥානීය. අභිඥානවන්තය. (යැයි දැනගනු.)
67:15ජුස් 29 · පි. 563

هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِنْ رِزْقِهِ ۖ وَإِلَيْهِ النُّشُورُ15

නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් පිහිටුවාලූයේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ වල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.
67:16ජුස් 29 · පි. 563

أَأَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يَخْسِفَ بِكُمُ الْأَرْضَ فَإِذَا هِيَ تَمُورُ16

මහපොළොව දෙදරී යන විට අහසේ සිටින්නා නුඹලා එය තුළට ගිල්වීමෙන් නුඹලා සුරක්ෂිත දැයි සිතන්නෙහිද?
67:17ජුස් 29 · පි. 563

أَمْ أَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ17

එසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීමෙන් නුඹලා සුරක්ෂිත දැයි සිතන්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැයි නුඹලා මතු දැන ගනු ඇත.
67:18ජුස් 29 · පි. 563

وَلَقَدْ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ18

තවද සැබැවින්ම ඔවුනට පෙර සිටියවුන් බොරු කළහ. එවිට මාගේ උදහස කෙසේ වී ද?
67:19ජුස් 29 · පි. 563

أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا الرَّحْمَٰنُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ19

ඔවුනට ඉහළින් පක්ෂීන් තම පියාපත් දිගු හරිමින් හා හකුළුවාලමින් සිටිනු ඔවුහු නුදුටුවෝද ? උන් රඳවා තබනුයේ අර්-රහ්මාන් (අපරිමිත දයාන්විතයාණන්) මිස අන් කිසිවෙකු නොවෙයි. නියත වශයෙන්ම ඔහු සෑම දෙයක් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
67:20ජුස් 29 · පි. 563

أَمَّنْ هَٰذَا الَّذِي هُوَ جُنْدٌ لَكُمْ يَنْصُرُكُمْ مِنْ دُونِ الرَّحْمَٰنِ ۚ إِنِ الْكَافِرُونَ إِلَّا فِي غُرُورٍ20

අර්-රහ්මාන් (අපරිමිත දායන්විතයාණන්) හැර නුඹලාට උදව් කරන සේනාව කවරෙකු ද? ප්‍රතික්ෂේපකයින් මුළාවෙහි මිස නැත.
67:21ජුස් 29 · පි. 563

أَمَّنْ هَٰذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ ۚ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ21

නැතහොත් (අර් රහ්මාන්) ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්‍ය යෙන් දුරස් ව සීමාව ඉක්මවීමෙහි හා (සත්‍යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති.
67:22ජුස් 29 · පි. 563

أَفَمَنْ يَمْشِي مُكِبًّا عَلَىٰ وَجْهِهِ أَهْدَىٰ أَمَّنْ يَمْشِي سَوِيًّا عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ22

තම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ ?
67:23ජුස් 29 · පි. 563

قُلْ هُوَ الَّذِي أَنْشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۖ قَلِيلًا مَا تَشْكُرُونَ23

නුඹලා මවා නුඹලාට ශ‍්‍රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහුය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය) නුඹ කියනු.
67:24ජුස් 29 · පි. 563

قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ24

නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහුය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය) නුඹ පවසනු.
67:25ජුස් 29 · පි. 563

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ25

තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ?යි ඔවුහු ප්‍රශ්න කරති.
67:26ජුස් 29 · පි. 563

قُلْ إِنَّمَا الْعِلْمُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ26

(එයට) නියත වශයෙන්ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය) නුඹ කියනු.
67:27ජුස් 29 · පි. 564

فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَدَّعُونَ27

එය කිට්ටුවෙන්ම ඔවුන් දකින කල්හි ප‍්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ.
67:28ජුස් 29 · පි. 564

قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَنْ مَعِيَ أَوْ رَحِمَنَا فَمَنْ يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ28

(නබි මුහම්මද්) මා හා මා සමග සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප‍්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (ඔවුන්ගෙන්) අසනු.
67:29ජුස් 29 · පි. 564

قُلْ هُوَ الرَّحْمَٰنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ29

(ඔහු) අර්-රහ්මාන් (අපිරිමිත දයාන්විතයා) ඔහුය. අපි ඔහු ගැන විශ්වාස කළෙමු. තවද ඔහු වෙතම බලාපොරොත්තු තබන්නෙමු. එහෙයින් කවරෙකු ප‍්‍රකට නොමගෙහි දැයි නුඹලා මතු දැන ගනු ඇත. යැයි (නබි මුහම්මද්) කියනු.
67:30ජුස් 29 · පි. 564

قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَنْ يَأْتِيكُمْ بِمَاءٍ مَعِينٍ30

නුඹලාගේ ජලය (මහපොළොව තුළට) කිඳා බැස්සේ නම් ගලා යන දිය දහර නුඹලාට ලබා දෙන්නේ කවුරුන් දැ?යි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (නබි මුහම්මද්) අසනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න