සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:8
تَكَادُ تَمَيَّزُ مِنَ الْغَيْظِ ۖ كُلَّمَا أُلْقِيَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ
එය කෝපයෙන් පිපිරෙන්නාක් මෙනි. එහි පිරිසක් දමනු ලැබූ සෑම විටකම “අවවාද කරන්නෙකු නුඹලා වෙත නොපැමිණියේ දැ?”යි එහි භාරකරුවෝ ඔවුන්ගෙන් විමසති.
තෆ්සීර්
එහි පිවිසෙන අය කෙරෙහි එය දක්වන දැඩි කෝපය හේතුවෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් බෙදා වෙන්කරන්නට බලයි. එයට අදාළ දේව ප්රතික්ෂේපක යින්ගෙන් පිරිසක් හෙළනු ලබන විට එහි භාරකාර මලක්වරුන් ඔවුනට පහර දෙන්නාක් මෙන්, 'අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලා බියවද්දන දූතයකු නුඹලා වෙත නොපැමිණියේ දැ?' යි ඔවුන්ගෙන් සැරෙන් විමසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න