සූරා 67 · ජුස් 29

Al-Mulk · 67:9

قَالُوا بَلَىٰ قَدْ جَاءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللَّهُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ كَبِيرٍ

“එසේය. අප වෙත අනතුරු අඟවන්නෙකු සැබැවින්ම පැමිණියේය. එවිට අපි බොරු යැයි පැවසුවෙමු තවද අල්ලාහ් කිසිදු දෙයක් පහළ කර නැත. නුඹලා මහත් වූ මුළාවේ මිස නැතැයි” අපි කීවෙමුයි ඔවුහු පවසති.

තෆ්සීර්

සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවම ගැන අප බියවද්දන දූතයකු අප වෙත පැමිණියේය. නමුත් අපි, ඔහු බොරු කොට, "අහෝ ධර්ම දූතය, කිසිදු දේව පණිවිඩයක් අල්ලාහ් පහළ කර නැත. ඔබ සත්යයෙන් පෙරළී අතිමහත් මුළාවක මිස නැතැයි අපි ඔහුට පැවසුවෙමු.” යැයි, දේවත්වය ප්රතික්ෂේප කළවුන් පවසා සිටියෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න