සූරා 67 · ජුස් 29

Al-Mulk · 67:27

فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَدَّعُونَ

එය කිට්ටුවෙන්ම ඔවුන් දකින කල්හි ප‍්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ.

තෆ්සීර්

එම ප්රතිඥාව සිදු වී දඬුවම ඔවුනට සමීප බව ඔවුන් දෑසින් දකින කල්හි එනම් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහිය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්ගේ මුහුණු වෙනස් වී කළු පැහැ ගැන්වෙනු ඇත. ඔවුනට, ‘මෙය මෙලොවෙහි නුඹලා ඉල්ලා සිටි, එමෙන්ම ඉක්මන් කරන්නැයි පැතූ දෑ වේ’යැයි පවසනු ලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න