සූරා 67 · ජුස් 29

Al-Mulk · 67:28

قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَنْ مَعِيَ أَوْ رَحِمَنَا فَمَنْ يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ

(නබි මුහම්මද්) මා හා මා සමග සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප‍්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (ඔවුන්ගෙන්) අසනු.

තෆ්සීර්

අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබන මෙම බොරු කාරයින්ට අවවාද කරමින් ‘අල්ලාහ් මා මරණයට පත් කොට මා සමග සිටින දෙවියන් විශ්වාස කරන්නන් ද මරණයට පත් කළේ නම් හෝ ඔහු අපට කරුණාව දක්වා අපගේ ආයු කාලය ප්රමාද කළේ නම් හෝ වේදනා සහගත දඬුවමින් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මුදවා ගනුයේ කවුරුන් දැ?'යි විමසනු. ඔවුන්ගෙන් කිසිවකු එයින් ඔවුන් මුදවා ගන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න